Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(මාතලේ .ඇම්. ඩබිලිව්. සෝමරත්න)
රුපියල් මිලියන 300 ක්පමණ මුදලක් වැයකරමින් සංවර්ධන කිරිමට ගොස් එම සංවර්ධන කටයුතු අතර මග නතර වීම නිසා වසර 07ක් පමණ කාලයක් තිස්සේ ප්‍රයෝජනට ගත නොහැකිව තිබූ මාතලේ බර්නාඩ් අඵවිහාරේ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණ කිරිමේ කටයුතු මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04)යළි ආරමිභ කෙරිණ.
මෙම ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ක්‍රීඩා සහ යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු දැක්විමෙන් පසුව එහි ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 48.5 ක් හෙවත් රුපියල් කෝටි 5 කට ඉතාම ආසන්න මුදලක් වෙන්කර තිබේ.
ප්‍රතිසංස්කරණ කටයුතු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට ක්‍රීඩා සහ යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක, මාතලේ දිසාපතිනි තේජානි තිලකරත්න, ක්‍රීඩා අමාත්‍යයේ අධ්‍යක්ෂ ආනන්ද කුරුකුලසුරිය මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ, මුලස්ථාන පුධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන යන මහත්ම මහත්මිහු සහභාගි වුහ .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.