Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුලියාපිටියේ දී පැවැත්වෙන ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මැරතන් - ඇවිදීමේ තරග මාලාව සඳහා විනිසුරු මණ්ඩලය සකස් කිරීමේදී කිසිදු මලල ක‍්‍රීඩා තාක්ෂණ නිලධාරියකුට අසාධාරණයක් නොවන පරිදි තමා කටයුතු කළ බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ලාල් චන්ද්‍රකුමාර මහතා පවසයි.
ඒ මහතා ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ උප සභාපතිවරයෙකුද වන අතර මේ වනවිට එහි තාක්ෂණික කමිටුවේ වැඩබලන සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි. ලංකාදීප’ පුවත් පත කළ විමසුමකදී චන්ද්‍රකුමාර මහතා මෙසේද පැවසීය.
”මේ කියන මැරතන්xඇවිදීමේ තරග මාලාවට එම විනිසුරු මඩුල්ල සූදානම් කළේ මලල ක‍්‍රීඩා සංගමයේ තාක්ෂණික කමිටුවේ වැඩ බැලීමටත් කලින්. ඒ ක‍්‍රීඩා අමාත්‍යංශයේ ඉල්ලීමක් පරිදියි”
”මෙතනදී කිසිදු ප‍්‍රශ්නයක් වෙලා නෑ. සුදුස්සන්ට සුදුසු තැන දීලා තිබෙනවා. සමහරු කෑගහනවා මේක වැරදි වැඩක් කියලා. නමුත් පසුගිය වසර ගණනාවෙදීත් මේ කාර්යය මලල ක‍්‍රීඩා සංගමය වෙනුවෙනුත් කළේ මා විසින්මයි” යයිද ලාල් චන්ද්‍රකුමාර මහතා පවසයි.
දැන් මේක අවලංගු කළොත් නැවත මේ නම් කිරීමේ මලල ක‍්‍රීඩා සංගමය වෙනුවෙනුත් කරන්න වෙන්නෙත් මටමයි. ඒ සංගමයේ තාක්ෂණික කමිටුවේ කටයුතුත් දැන් මට පැවරිලා තිබෙන හින්දා. නමුත් මේ ගැන චෝදනා කරන සමහර පාර්ශ්වවලට ඒ ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ. දක්ෂයාට තැන දෙනවා මිසක් හිතවත්කම්වලට වැඩ නොකරන නිසා මට මෙවැනි චෝදනාවක් කරන බවයි මා විශ්වාස කරන්නෙ.”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.