Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා අයි.පී.එල්. තරග සාජාහිදී

කාන්තා අයි.පී.එල්. තරග සාජාහිදී

editorial - 2020 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සමගාමීව තෙවැනි වරටත් පැවැත්වෙන කාන්තා විස්සයි20 අභියෝග තරගාවලිය නොවැම්බර් 4 වැනිදා සිට 9 වැනිදා දක්වා සාජාහිදී පැවැත්වීට තීරණය කර ඇත.

වෙලෝසිටි, සුපර්නෝවා සහ ටේ්‍රල් බ්ලේසර්ස් යන කණ්ඩායම් 3 තරගාවලියට ක්‍රීඩා කරන අතර නොවැම්බර් 4, 5, සහ 7 මූලික වටයේ තරග පැවැත්වේ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන තරගාවලියේ දෙවැනි තරගය හැර සෙසු තරග ශ්‍රී ලංකා වේලාවෙන් පසුවරු 7.30 ට ආරම්භ වන අතර දෙවැනි තරගය එදින පස්වරු 3.30ට ආරම්භවේ. අයි.පී.එල් තරගාවලියේ පළමු කඩයිම් තරගය එදින පස්වරු 7.30ට ඩුබායිහිදී පැවැත්වේ.

මේ මස මුලදී කොරෝනා වයිරසය ආසාදනය වූ වෙලෝසිටි කණ්ඩායමේ මාංසි ජොෂී වෙනුවට මේඝනා සිං ආදේශ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය හිමිවී ඇත.

තරග කාලසටහන
නොවැම්බර් 4 - පළමු තරගය - සුපර්නෝවා සහ වෙලෝසිටි අතර සාජාහිදී
නොවැම්බර් 5 - දෙවැනි තරගය - වෙලෝසිටි සහ ටේ්‍රල්බ්ලේසර්ස් අතර සාජාහිදී
නොවැම්බර් 7 - තෙවැනි තරගය - ටේ්‍රල්බ්ලේසර්ස් සහ සුපර්නෝවා අතර සාජාහිදී
නොවැම්බර් 9 - අවසන් තරගය – සාජාහිදී
 
- 2079

 


අදහස් (0)

කාන්තා අයි.පී.එල්. තරග සාජාහිදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.