Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව චමරි අතපත්තුට හිමිව ඇත.
මේ මස 18 වැනිදා ආරම්භවන එම තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ මස 9 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. හර්ෂිතා මාධවී එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කරන්නීය.
ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායක), හර්ෂිතා මාධවී (උප නායක), හසිනි පෙරේරා, නිලක්ෂිකා පෙරේරා, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, අමා කාංචනා, සචිනි නිසංසලා, උදේෂිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, විෂ්මි රාජපක්ෂ, ඕෂදී රණසිංහ, සුගන්දිකා කුමාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනි වීරක්කොඩි සහ අචිනි කෞෂල්‍යා
අතිරේක
මධුෂිකා මෙත්තානන්ද, කාව්‍යා කාවින්දි, ඉමේෂා දුලානි සහ සත්‍යා සංදීපනී
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.