Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ‘කාන්තා විස්සයි-20 අභියෝගය’ ක්‍රිකට් තරගාවලිය මෙම මස 23 වැනිදා සිට 28 වැනිදා දක්වා පූනේහිදී පැවැත්වීමට අයි.පී.එල්. සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
සුපර්නෝවාස්, ට්‍රේල්බ්ලසර්ස් සහ වෙලෝසිටි යන කණ්ඩායම් තුනේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්වේ. මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
මෙවර තරගාවලියේදී ස්මිත්‍රි මන්ධනා විසින් ට්‍රේල්බ්ලසර්ස් කණ්ඩායමද, හර්මන්ප්‍රීත් කෞර් විසින් සුපර්නෝවාස් කණ්ඩායමද, ඉන්දීය ජාතික කණ්ඩායමේ නායිකා මිතලි රාජ් විසින් වෙලෝසිටි කණ්ඩායමද මෙහෙයවනු ලබති.
මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ සිවුවැනි වරටය. මින් පෙර පැවැති තරගාවලි තුනෙන් දෙකකදී ශූරතාව දිනාගැනීමට සුපර්නෝවාස් කණ්ඩායම සමත් වූ අතර සෙසු තරගාවලියේ ශූරතාව ටේ්‍රල්බ්ලසර්ස් කණ්ඩායම සතුවිය.
ඉකුත් වසරේදී සුපර්නෝවාස් කණ්ඩායමට ක්‍රීඩා කළ චමරි අතපත්තුට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය හේතුවෙන් මෙවර කාන්තා විස්සයි-20 අභියෝග තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.