Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා හොකී ශූරතාව ඒකාබද්ධ ආරක්ෂක සේවා පිලට

කාන්තා හොකී ශූරතාව ඒකාබද්ධ ආරක්ෂක සේවා පිලට

editorial - 2023 අගෝ මස 07 120 Views 0 Comment
A A A

(වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ)

ශ්‍රි ලංකා හොකි සම්මේලනය සංවිධානය කළ 24 වැනි  කාන්තා හොකි ශුරතාවලියේ ශුරතාවය ඒකාබද්ධ ආරක්ෂක සේවා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි. මෙම තරගාවලිය වෙන්නප්පුව ශ්‍රිමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රිඩාංගණයේදී පසුගියදා පැවැත්විණි.

අවසන් තරගයට සුදුසුකම් ලැබු වෙන්නප්පුව හොකී කණ්ඩායම පරදවා ඒකාබද්ධ ආරක්ෂක සේවා කණ්ඩායම විසින් ගෝල් 3-0 ජයක් හිමිකර ගන්නා ලදි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඒකාබද්ධ ආරක්ෂක සේවා කණ්ඩායමේ සඳලි  පෙරේරා ද, දක්ෂතම ගෝල රකින්නිය ලෙස විශ්ව විද්‍යාල කණ්ඩායමේ එස්.ඩබ්ලිව්. පී. අසානි ද සම්මාන ලැබූහ.

මෙම තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වු අතර ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති පී. විශ්වනාදන් මහතා සහ තරගාවලියේ අනුග්‍රාහක මැක්සිස් ආයතනයේ සචී පෙරේරා යන මහත්ම මහත්මින් විසින් සහතික පත් හා ශුරතා පිරිනැමිම සිදුකෙරිණි.

 

හොකි කාන්තා ශුරතාවය හිමිකර ගත් ආරක්ෂක සේවා කණ්ඩායමට ශුරතාවය පිරිනැමු අවස්ථාව.


අදහස් (0)

කාන්තා හොකී ශූරතාව ඒකාබද්ධ ආරක්ෂක සේවා පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.