Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කායවර්ධන ක්‍රීඩාව අගතියට පත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් කළ හිටපු නිලධාරීන් දෙදෙනකුට වසර තුන බැගින් වන තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය නිවේදනය කරයි. මෙසේ දඬුවම් නියමවූ නිලධාරීන් වන්නේ කායවර්ධන සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරිකවරයකු වන අමිල නිෂාන්ත හා එහි හිටපු උපසභාපතිවරයෙකු වන ෂම්මි ජයවර්ධන යන මහත්වරුවන්ය.
කායවර්ධන සම්මේලනයේ විනය කමිටුවේ නිර්දේශයන්ට යටත්ව විධායක සභාවේ ඒකමතික තීරණයට අනුව ඔවුන්ට මෙම දඬුවම් පැමිණවීම කළ බව ඒ පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට කායවර්ධන සම්මේලනයේ ලේකම් කේ.එම්. ද සිල්වා මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
හිටපු භාණ්ඩාගාරික අමිල නිෂාන්ත මහතා ව්‍යවස්ථා විරෝධීව පිහිටුවා ගන්නා ලද බව කියන කායවර්ධන විනිසුරු සංගමයක තනතුරු දැරීම කායවර්ධන සම්මේලනයේ ව්‍යවස්ථාව හා චක්‍රලේඛ උල්ලංඝනය කිරීම, දෙදින පාඨමාලාවක් සඳහා අයකර ගත් බව කියන මුදල් අවභාවිතා කිරීම යන චෝදනාවන්ට වැරදිකරු යයි තීරණය කරමින් වසර තුනකට කුමන ආකාරයකින් හෝ කායවර්ධන ක්‍රීඩාවේ නිරතවීම තහනම් කර තිබේ.
කායවර්ධන සම්මේලනයේ අනුමැතියෙන් තොරව විනිසුරු සංගමයක් පිහිටුවීම හා එහි තනතුරු දැරීම, සම්මේලනයේ අනුමැතියෙන් තොරව පාඨමාලාවක් සංවිධානය කරමින් ඒ සඳහා මුදල් අයකිරීම හා ක්‍රීඩා අමාත්‍යාංශය නොමග යැවීම, එමගින් කායවර්ධන ක්‍රීඩාව අගතියට පත් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු භාණ්ඩාගාරික ෂම්මි ජයවර්ධන මහතා එහිදී වැරදිකරු යයි ප්‍රකාශ වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.