Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේ මෙරට පැවැත්වෙන ප‍්‍රථම ජාත්‍යන්තර මට්ටමේ කාර්ටින් තරගාවලිය වන ‘2015 එන්ඩියුරන්ස්’ කාර්ටින් තරගාවලියේ පළමු වටය අද (7 වැනිදා) බණ්ඩාරගම කාර්ටින් ධාවන පථයේදී පැවැත්වේ.
ආසියානු මෝටර් රථ ධාවන සංගමය සහ ශ‍්‍රී ලංකා කාර්ටින් සර්කිට් ආයතනය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.
මෙහිදී දේශීය තරගකරුවන් සමගින් තරග වැදීම සඳහා පැමිණෙන විදෙස් ධාවකයන් අතර ලොව පුරා ජයග‍්‍රහණ රැසක් වාර්තා කොට ඇති ඉන්දීය කණ්ඩායම ප‍්‍රධාන තැනක් ගනී.
අර්මාන් ඉබ‍්‍රාහිම්, සන්දීප් කුමාර්, විෂ්ණු ප‍්‍රසාද්, රාඝුල් රන්ගස්වාමි, අනින්දිත් රෙඞ්ඩි ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන අතර කණ්ඩායමේ කළමනාකරු මෙන්ම කණ්ඩායම් ප‍්‍රධානීයා ලෙසත් පළපුරුදු ධාවන උපදේශක අක්බර් ඊබ‍්‍රාහිම් කටයුතු කරයි.
අර්මාන් ඉබ‍්‍රාහිම් හිටපු ෆෝමියුලා ශූරයකු වන අතර 2009 වසරේදී එෆ්. අයි. ඒ. ෆෝමියුලා 2 තරගාවලි නැවත ඇරඹි අවස්ථාවේදී ඒ සඳහා එක්වූ ප‍්‍රථම සහ එකම ආසියානු ධාවකයාද වේ.
සන්දීප් කුමාර්, 2012 වසරේදී ඉන්දියාවේ වෝක්ස්වැගන් පෝලෝ ශූරතාවද දිනා ඇති අතර විෂ්ණු ප‍්‍රසාද් ද වෝක්ස්වැගන් පෝලෝ ශූරතාවලිය සඳහා සහභාගි වී ඇති පළපුරුදු ධාවකයෙකි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.