Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාර්ටින් පළමු අදියරේ ජය රැප්ටර් රේසිං පිලට

කාර්ටින් පළමු අදියරේ ජය රැප්ටර් රේසිං පිලට

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු මෝටර් රේසිං කී‍්‍රඩා සමාජය, ශ්‍රී ලංකා සින්ගල් සීටඞ් ෆෝමියුලා රේසිං සංගමය සහ ශ‍්‍රී ලංකා කාර්ටින් සර්කිට් ආයතනය එක්ව සංවිධානය කළ ‘2015 එන්ඩියුරන්ස්’ කාර්ටින් තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගැනීමට රැප්ටර් රේසිං කණ්ඩායම සමත් විය.

අමීර් ගෆූර්, ටැෆී අලහකෝන්, චරිත් ගුණවර්ධන, නවිඳු දේවක, එස්. ළහිරු සහ ජැකලින් බොක්ස් යන කී‍්‍රඩකයන් සහ කාර්මික ශිල්පීන්ගෙන් රැප්ටර් රේසිං කණ්ඩායම සමන්විත විය. නියමිත කාලය තුළදී වට 557 ක් නිමා කරමින් ඔවුහු එම අදියර ජයගත්හ.

බ‍්‍රයන් පෙරේරා, කෙවින් පෙරේරා, උශාන් පෙරේරා, සමන් පෙරේරා, ශනකී පෙරේරා, ලකී චමින්ද සහ සුමල් මාර්කෝ යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් නියෝජනය කළ බී. කේ. එම්. එස්. රේසිං කණ්ඩායම තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගත්තේය.
ඉන්ටෙක් රේසිං කණ්ඩායම එම අදියරේ තෙවැනි ස්ථානයටත්, ගනර්ස් රේසිං කණ්ඩායම සිව්වැනි ස්ථානයටත් පත්වූහ.

ඉන්දියාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ අත්දැකීම් බහුල එම්. ඊ. සී.  ඕ රේසිං කණ්ඩායමට තරගාවලියේ පස්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

බණ්ඩාරගම කාර්ටින් ධාවන පථයේදී පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ජනශක්ති රක්ෂණ සමාගම කටයුතු කටයුතු කළ අතර ස්ටැන්ඩඞ් චාටඞ් බැංකුව, ලාෆ්ස් ගෑස් සමාගම සහ හෝක් හෙල්මට් සමාගම තරගාවලියේ සම අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කළහ.


- 036


අදහස් (0)

කාර්ටින් පළමු අදියරේ ජය රැප්ටර් රේසිං පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.