Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 43 වැනි ‘කෑගලු රන් මහ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (6 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 59 ක ඉලක්කයක් හඹාගිය කෑගලු විද්‍යාලය තරගය නිමාවට පත්වන විට කඩුලු 2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 23 ක් ලබා සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරු ගෞරව තේජාන් පන්දු 7 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 18 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනූ කෑගලු විද්‍යාලයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත මරියා විදුහලට කෑගලු විද්‍යාලයීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 136 ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෑගලු විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 226 ක් ලබාගත් අතර එහිදී ගෞරව තේජාන් (56) සහ දිල්ෂාන් දිසානායක (65) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ලකුණු 90 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත මරියා විදුහල ලකුණු 148 කට සීමා කිරීමට කෑගලු විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී දසුන් සත්සර ලකුණු 17 කට කඩුලු 3 ක්ද, දිල්ෂාන් දිසානායක සහ කවීෂ වලිසිංහ කඩුලු 2 බැගින්ද බිඳහෙළුෑහ.
ශාන්ත මරියා පළමු ඉනිම - ඕවර 60.54 කදී සියලුදෙනා දැවී 136
(දිලුම් ශ්‍රී විජේතුංග 43, හරිඳු හිරුෂාන් 27, අෂාන් උඩවත්ත 31, විහඟ සත්සර 23/3, දසුන සත්සර 22/2, මිගාර ගම්ලත් 29/2)
කෑගලු විදුහල් පළමු ඉනිම - ඕවර 74.2 කදී සියලු දෙනා දැවී 226
(ගෞරව තේජාන් 56, දිල්ෂාන් දිසානායක 65, චානුක වනසිංහ 43, මිගාර ගම්ලත් 18, සමිත සඳරුවන් 62/4, සුදීර ආකාෂ් 46/2)
ශාන්ත මරියා දෙවැනි ඉනිම - ඕවර 87 කදී සියලුදෙනා දැවී 148
(චරිත් නිර්මාල් 20, මතීෂ සමරසිංහ 65, දසුන් සත්සර 17/3, දිල්ෂාන් දිසානායක 06/2, කවීෂ වලිසිංහ 34/2)
කෑගලු විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3 කදී කඩුලු 2 ක් දැවී 23
(ගෞරව තේජාන් නොදැවී 18, සමිත සඳරුවන් 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.