Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නරියාකන්ද තරගාවලියට දින ලබාදීමේදී කී‍්‍රඩා අමාත්‍ය වරයා එක් පාර්ශවයක් ගැන පමණක් සැළකිල්ලට ගෙන ඇති බව ශ්‍රී ලංකා යතුරුපැදි සංගමයේ (එස්. එල්. එම්. සී. සී.) ලේකම් තිලක් පීරිස් මහතා පවසයි. කී‍්‍රඩා අමාත්‍ය වරයාගේ එම තීරණයෙන් තම කී‍්‍රඩා සමාජයට මෙන්ම තමන් සංවිධානය කරන නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියට දැඩි බලපෑමක් සිදුවිය හැකි බවද ඔහු කියා සිටියි.
අපේ‍්‍රල් මස 18 වැනිදා නරියාකන්ද තරගාවලිය පැවැත්වූණහොත් එදිනට පැවැත්වීමට නියමිත නුවරඑළිය තරගාවලියේ කාලය ගණනය කිරීම් වලට බාධා ඇතිවන බව පවසන තිලක් පීරිස් මහතා, නරියාකන්ද තරගාවලියට සහභාගී වන තරගකරුවන්ට එදිනම පැවැත්වෙන නුවරඑළිය තරගාවලියේ කාලය ගණනය කිරීම් වලට සහභාගී වීමට නොහැකි වීම ඊට ප‍්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙයි.
එම නිසා මෙම තරගාවලි දෙක යොදාගෙන තිබෙන දින සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුධය විසඳීම සඳහා කී‍්‍රඩා සංගම් දෙකම කැඳවා දෙපාර්ෂවයටම කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඉන් අනතුරුව තීරණයක් ලබාදෙන ලෙස ඉල්ලා කී‍්‍රඩා අධ්‍යක්ෂක ජෙනරාල් වරියට සිය සංගමය ලිපියක් යොමුකළ බවද තිලක් පීරිස් මහතා පවසයි.
නුවර එළිය මාර්ග මෝටර් රථ තරගාවලිය වසර 50 කට වැඩි කාලයක් පුරා පැවැත්වාගෙන එන, දිවයිනේ පැරණිතම මෝටර් රථ තරගාවලියක් බවත්, කිසිදු අයකිරීමකින් තොරව මෝටර් රථ කී‍්‍රඩා ලෝලීන්ට දැකබලා ගැනීම සඳහා තම සංගමය විසින් දැඩි අසීරුතා මැද එම තරගාවලිය සංවිධානය කරන බවත් පවසන තිලක් පීරිස් මහතා කෙසේ වුවත් එම තරගාවලිය සම්බන්ධයෙන් බලධාරීන් අඩු අවධානයක් යෙමුකිරීම කණගාටුවට කරුණක් බවද කියා සිටියි.
නරියාකන්ද තරගාවලිය වසර 22 ක් පැරණි තරගාවලියක් වුවත් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (එස්. එල්. ඒ. ඞී. ඒ.) සංවිධානය කළේ පසුගිය තරගාවලි දෙකේදී (2013 සහ 2014) පමණක් බවත්, නරියාකන්ද තරගාවලියේ මුල් අදියර 20 ක් සංවිධානය කළේ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සහ යතුරුපැදි කරුවන්ගේ සංගමය (එස්. එල්. ඒ. ආර්. ඞී. ඒ. ආර්.) බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.
මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සහ යතුරුපැදි කරුවන්ගේ සංගමය නරියාකන්ද තරගාවලිය සංවිධානය කරන කාලයේදී තම සංගමය සහ ඔවුන් අතර මෙම තරගාවලි දෙක සඳහා දින යොදා ගැනීම සම්බන්ධයෙන් කිසිදු අර්බුදකාරී තත්ත්වයක් හටනොගත් බවද ඔහු අවසන් වශයෙන් කියා සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.