Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ නිලවරණ අතරින් කි‍්‍රකට්, රග්බි, පාපන්දු, බැඞ්මින්ටන්, දැල්පන්දු, මේස පන්දු ආදී ක‍්‍රීඩා සංගමයන්හි නිලවරණ සදහා පවතින්නේ දැඩි උණුසුම් කාරී තරගයක්ය. කී‍්‍රඩා පනතේ යම් යම් සංශෝධන සිදු වුවත් පෙර කී කී‍්‍රීඩා සමාජයන්හි අතීතයේ පැවැති තරගකාරීත්වයේ අදටත් වෙනසක් සිදු වී නොමැත. එය පවත්වා ඇති මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත සංගම් දෙස බැලීමේදී හොදින් තහවුරු වෙයි. නමුත් අනෙක් කී‍්‍රඩා සංගම් වලට සාපේක්ෂව කී‍්‍රඩා පනතේ සිදුවූ නව සංශෝධන හේතුවෙන් එල්ලේ සංගමයට යම් බලපෑමක් එල්ලවී ඇති බව පෙනෙන්නට තිබේ.
ජාතික එල්ලේ සම්මේලනයේ නිලවරණය මේ මස 13 වැනිදා කී‍්‍රඩා අමාත්‍යාංශයේ ජාතික කී‍්‍රඩා විද්‍යා ආයතන ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත. තනතුරු 23කින් සමන්විත මෙම නිලවරණයේ තනතුරු 12ක නාමයෝජනා කී‍්‍රඩා නීතියේ ඇතැම් වගන්ති අනුව ප‍්‍රතික්ෂේප වී ඇත.
ප‍්‍රධාන ලේකම් ධුරය සදහා ඉදිරිපත් කළ එකම නාමයෝජනා පත‍්‍රයද ඒ අතර තිබීම සුවිශේෂ වේ. ඒ අනුව 2015/17 කාලවකවානුව සදහා එල්ලේ සංගමයේ මෙවර නිලවරණය පැවැත්වීමට සිදුවන්නේ පුරප්පාඩු රැසක් සහිතවය.
ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍ර අතර සභාපති තනතුර සදහා පිටිපන රංග කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් තරග වදින පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් කුමාර ගුණරත්න මහතාගේ නාමයෝජනා පත‍්‍රය සුදුසුකම් ලබා ඇත. ඔහු පමණක් එම කනතුරට තරග කරන බැවින් ඒ මහතා නිතරගයෙන් සභාපති ධුරයට පත්වනු ඇත. ඊට අමතරව භාණ්ඩාගාරික ලෙස කමල් පෙරේරා (මාබෝල වත්තල කී‍්‍රඩා සමාජය) සංවිධායක ලේකම් ලෙස අසංක සංජීව ප‍්‍රනාන්දු (මුහුදුකටුව පාතිමා කී‍්‍රඩා සමාජය), උප භාණ්ඩාගාරික ලෙස ලයනල් ජෝතිරත්න (කොටහේන නවරැුල්ල කී‍්‍රඩා සමාජය) යන අයද අදාළ තනතුරු සදහා නිතරගයෙන් තේරී පත්වීමට නියමිතය.
කෙසේ නමුත් ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන කී‍්‍රඩා පනතේ 13.1 වගන්තියට නොගැලපීම අනුව ප‍්‍රධාන ලේකම් තනතුර මෙන්ම ප්‍යෙෂ්ඨ උප සභාපති, උප භාණ්ඩාගාරික (3), උප ලේකම් (3) තනතුරු සදහා ඉදිරිපත් කළ නාමයොජනා ප‍්‍රතික්ෂේප වී ඇති අතර 11 දෙනෙකුගෙන් සමන්විත විධායක සභිකයන්ගෙන්ද සුදුසුකමම් ලබා ඇත්තේ 06 දෙනෙකු පමණි. ඒ අනුව නව නීති අනුව නිලවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් ලබන පිරිස සීමිත වී ඇත. එහෙත් පෙර පැවැති එල්ලේ සම්මේලනයේ නිලවරණයන්ට මෙවැනි තත්ත්වයක් උද්ගත වී නොමැත. පරිපාලනයට සම්බන්ධවීමට බොහො දෙනෙකු තරග කර ඇත. අද වන විට ඒ සියල්ල යටපත් වී ප‍්‍රධාන තනතුරුවලට තරගකිරීමද සීමා සහිත වී තිබේ.
එම නිසා කී‍්‍රඩා පනතේ නව සංශෝධනයන් එලෙසින්ම සෑම කී‍්‍රඩා සංගමයක් සදහා බලාත්මක කළ නොහැකිබව කී‍්‍රඩා ප‍්‍රවීණයන්ගේ අදහසයි. ඔවුන් පෙන්වාදෙන්නේ එල්ලේ කී‍්‍රඩාව මෙන් දේශීයත්වයට ආවේනික කී‍්‍රඩාවකට ඉහත නීති කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රායෝගික නොවන බවයි. ජාත්‍යන්කර කී‍්‍රඩාවන්හි පිළිගත් නීතිරාමුවක් පැවැතියත් දේශීය සංස්කෘතිය හා බැදුණු එල්ලේ කී‍්‍රඩාව ජාත්‍යන්තර කී‍්‍රඩා මෙන් සැසදිය නොහැක. එය එල්ලේ කී‍්‍රඩාවේ අනාගතයට විශාල බලපෑමක් එල්ල විය හැකි බව ඔවුන්ගේ මකය වී ඇත.
1992 වර්ෂයේදී වොලිබෝල් ක‍්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික කී‍්‍රඩාව කරන තෙක් එල්ලේ කී‍්‍රඩාවට විශේෂ තැනක් හිමිව තිබුණි. නිශ්චිත නිර්මාපකයෙක් හෝ කී‍්‍රඩාව ආරම්භ වූ කාලයක් ගැන තහවුරුවක් නැති වුවත් එල්ලේ කී‍්‍රඩාවට සියවස් කීපයකට එපිට ඉතිහාසයක් ඇති බවඉතිහාස සාක්ෂි අනුව තහවුරු වෙයි. රග්බ් කී‍්‍රඩාංගණ මෙන්ම අති විශාල කී‍්‍රඩාංගණ රට පුරා ඉදිවෙද්දී අදටත් එල්ලේ කී‍්‍රඩාව වෙනුවෙන් වෙන්වූ කී‍්‍රඩාංගණයක් නොමැත. ප‍්‍රමාණවත් පාසල් හෝ නාගරික කී‍්‍රඩාංගණයක් හෝ නොමැති බොහෝ දෙනෙක් කී‍්‍රඩා කරන්නේ කුඹුරුවලය.
එම අවම පහසුකම් හෝ නොතිබෙන එල්ලේ කී‍්‍රඩාවට අදටත් පැවැත්මක් නොමැත. දේශීයව බිහිවූ කී‍්‍රඩා අතුරින් දැනට අපට ඉතිරිව තිබෙන කී‍්‍රඩා අතර එල්ලේ කී‍්‍රඩාව ඉදිරියෙන් සිටී. ගෙවී ගිය ආසන්න වසර කීපයේදී මෙම කී‍්‍රඩාවේ යම් දියුණුවක් සිදු වුවද මේ වසරේ අඩක් මේ වන විට අවසන්ව ඇතත් මේ දක්වා කිසිදු කරගයක් පැවැත්වීමට හැකිවී නැත. එම නිසා බලධාරීන්ගේ විශේෂ අවධානය එල්ලේ කී‍්‍රඩාව වෙත යොමුවනු ඇතැයි කී‍්‍රඩා ප‍්‍රවීණයෝ උපේක්‍ෂාවෙන් බලා සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.