Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුලසේකරත් ආසියානු ලෙජන්ඞ්ස් පිලට

කුලසේකරත් ආසියානු ලෙජන්ඞ්ස් පිලට

editorial - 2022 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස මැද භාගයේදී ඕමානයේදී ආරම්භ වීමට නියමිත ලෙජන්ඞ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකු සහභාගීවීමට සූදානමින් සිටිති. ලීගයට එක්වන හයවැනි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා වන නුවන් කුලසේකර මේ වන විටත් ගිවිසුමට අත්සන් කර කිබේ. 

නුවන් කුලසේකර සමඟින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන්, චමින්ද වාස්, සහ උපුල් තරංග ආසියානු ලෙජන්ඞ්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරති. 

ආසියානු ලෙජන්ඞ්ස් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ලෙස පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් එක්වනු ඇත.

ආසියානු කණ්ඩායම හැරුණු විට, ලෙජන්ඞ්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියට ඉන්දීය සහ ලෝක කණ්ඩායම්ද ඇතුළත් වේ. සෑම කණ්ඩායමක්ම එකිනෙකාට එරෙහිව දෙවරක් ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරඟයකට සුදුසුකම් ලබාගනු ඇත.

පළමු වතාවට පැවැත්වෙන ‘ලෙජන්ඞ්ස් ලීග්’ ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව නියෝජනය කරමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගීවනු ඇත. ලෙජන්ඞ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා සිට 30 වැනිදා දක්වා ඕමානයේ අල් අමෙරාත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

- 2079


අදහස් (0)

කුලසේකරත් ආසියානු ලෙජන්ඞ්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.