Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ටොරින්ටන් පෙදෙසේ පිහිටි කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණය හා යාබද ගොඩනැගිල්ල ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ මූලස්ථානය ලෙස පවත්වාගෙන යාම සඳහා අවුරුදු 30 ක කාලයක් සඳහා එම සම්මේලනයට පවරා දී තිබේ. මෙම පැවරීම ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදු කෙරුණි.
මෙම හොකී ක්‍රීඩාංගණය, මෙතෙක් සතුව තිබුණේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව බාරයේය. කෘත්‍රිම හොකී තරග තීරුව හොකී සම්මේලනයට පැවරීමෙන් පසුව එය සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද ක්‍රීඩා අමාත්‍යාංශය හා හොකී සම්මේලනය අත්සන් තැබීය.. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා හා හොකී සම්මේලනයේ ලේකම් පී. විශ්වනාදන් මහතා ඊට අත්සන් තැබූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, ක්‍රීඩා අමාත්‍යාංශය සතු යටිතල පහසුකම් ජාතික ක්‍රීඩා සංගම් වෙත පවරාදීම තුළින් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කැපවී සිටින බවයි.
වොලිබෝල් ක්‍රීඩාවෙන් එම ආරම්භය ක්‍රීඩා අමාත්‍යාංශය ලබාගත් බවත්, ඉදිරියේදී මේ රටේ හොකී ක්‍රීඩාවේ ප්‍රවර්ධනය උදෙසා මාතලේ කෘත්‍රිම හොකී පිටියත් නවීකරණය කිරීමට සැලසුම් සකස් කර අවසන් බවත් එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.