Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පළමු වරට සංවිධානය කරන කෙටි ධාවන පථ ජාතික මලල ක්‍රීඩා තරගාවලිය සිකුරාදා (28) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මීටර් 60, මීටර් 400, මීටර් 800, මීටර් 1500, දුර පැනීම, තුන්පිම්ම, යගුලිය විසි කිරීම යන කාන්තා ඉසව් හා මීටර් 60, මීටර් 60 - කඩුලු, දුර පැනීම, තුන්පිම්ම, යගුලිය විසි කිරීම යන පිරිමි ඉසව් සදහා මලල ක්‍රීඩා ආයතනය නිර්දේශ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මෙම තරගාවලියට සහභාගි කර ගැනේ. ඔවුන් සිය අයැදුම්පත් ලබන සිකුරාදාට පෙර (21)ඉදිරිපත් කර සිය සහභාගිත්වය සනාථ කළ යුතුය.
මෙය ලෝක මලල ක්‍රීඩා ආයතනය විසින් අනුමත ඩී කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියකි. එය සංවිධානය කිරීම පිළිබදව අදහස් දැක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා ගෘහස්ථ මලල ක්‍රීඩා ධාවන පථ පහසුකම් නොමැති රටවලට විකල්පයක් ලෙස එළිමහන් ධාවන පථවල ගෘහස්ථ මලල ක්‍රීඩා ඉසව් පැවැත්වෙන ආකාරයෙන් කෙටි ධාවන පථ තරගමාලා පැවැත්වීමට ලෝක මලල ක්‍රීඩා ආයතනය ලබාදී තිබෙන අනුමැතිය අනුව මෙම කොළඹ තරගාවලිය පවත්වන බව පැවැසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.