Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර එංගලන්තයේ කැන්ටබරී ප්‍රාන්තයේ ශාන්ත ලෝරන්ස්හි ස්පිට්ෆයර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු සිවුදින තරගයේ පළමු දිනය වූ අද (6 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 418 ක් ලබා සිටියේය.
එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඩැරන් ස්ටීවන්ස් පන්දු 142 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 24 ක් සමග ලකුණු 168 ක් රැස්කළේය. ඔහු සමග එක්ව කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 264 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජෝජ් ලින්ඩේ, පන්දු 141 කින් ලකුණු 107 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි.
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පන්දු යැවීම සඳහා පන්දු යවන්නන් 8 දෙනකුගේ සේවය ලබාගත් අතර ඔවුන් සියලු දෙනාම පාහේ කෙන්ට් ප්‍රාන්ත පිතිකරුවන්ගේ ප්‍රහාරයට හසුවූහ. එහිදී යම් තරමකට හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කළ උදිත් මධුෂාන් සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.
කෙන්ට් ප්‍රාන්ත පිලේ පළමු ඉනිම - කඩුලු 6 කට 418
(මාකස් ඕ’රියොඩන් 31, ජෝ ඩෙන්ලි 35, ජැක් ලීනිං 22, ඩැරන් ස්ටීවන්ස් 168, ජෝජ් ලින්ඩේ 107, බිලී මීඩ් නොදැවී 15, හමිදුල්ලා ක්වඩ්‍රි නොදැවී 19, උදිත් මධුෂාන් 75/2, ධනංජය ලක්ෂාන් 92/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.