Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
සෙංකඩගල මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය එක්ව සංවිධානය කරනු ලබන කොත්මලේ කඳු තරණය මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගය මේ මස 10, 11 සහ 12 යන දිනවලදීපැවැත්වීමට නියමිතය.
පසුගිය මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම මෝටර් රථධාවන තරගාවලිය කොවිඩ් අවදානම් තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබුණි .
කොත්මලේ කඳු තරණය සඳහා මෝටර් රථ සහ යතුරුපැදි වලට අමතරව ට්‍රක් රථ සහ ජීප් රථ ඉසව් කිහිපයක්ද එක්කර තිබේ.
අනාගතයේ මෝටර් රථ ධාවන තරඟ වලට සහභාගිවීමට බලාපොරොත්තු වන නවකයන් සඳහාද මෝටර් රථ සහ යතුරු පැදි තරග කිහිපයක් පැවැත්වීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.
තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රහය සියැට් සමාගම විසින් දරනු ලබන අතර සම අනුග්‍රහකත්වය නිපොන් පේන්ට් සමාගම විසින් දරනු ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.