Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කරන් පොලාඩ්ගේ විශ්‍රාම යෑමෙන් පසුව සීමිත ඕවර කණ්ඩායමේ නායකයා ලෙස කඩුලු රකින ක්‍රීඩක නිකලස් පූරන් පත්කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
පොලාඩ් වෙනුවට පසුගිය වසරේ ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවූ පූරන් කොදෙව් කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණයක් ගෙන දීමට සමත්විය.
”බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවට විස්මිත දායාදයක් නිර්මාණය කළ ක්‍රීඩාවේ දැවැන්තයන් කිහිප දෙනෙකුගේ අඩිපාරේ මම ගමන් කරනවා,” යැයි පූරන් නිකුත්කළ නිවේදනයක දැක්වේ.
”නායකත්වයට පත්වීම ඇත්තෙන්ම මේ දක්වා වූ මගේ ක්‍රිකට් දිවියේ විශේෂ අවස්ථාවක්. ක්‍රීඩා පිටියේ විශිෂ්ට දේවල් කරමින් කණ්ඩායම ඉදිරියට ගෙන යාමට මට අවශ්‍යයි.”
වේගයෙන් ලකුණු රැස්කිරීමට හැකි පිතිකරුවෙකු ද වන කඩුලු රකින ක්‍රීඩක පූරන් මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.
“ඔහුගේ අත්දැකීම්, දස්කම් සහ කණ්ඩායම තුළ ඔහුට ඇති ගෞරවය අනුව අපගේ සීමිත ඕවර කණ්ඩායම් මෙහෙයවීමේ අභියෝගයට නිකලස් සූදානම් බව අපි විශ්වාස කරනවා,” යැයි කොදෙව් ක්‍රිකට් අධ්‍යක්ෂ ජිමී ඇඩම්ස් මහතා පැවසීය.
”ලෝකයේ විවිධ ලීග් තරගාවලියන්හී ක්‍රීඩා කිරීමෙන් ඔහු එක්රැස් කර ඇති අත්දැකීම් ද ඔහුව විස්සයි20 නායකත්වය සඳහා නිර්දේශ කිරීමට කිරීමට හේතුවක් වුනා”
මේ මස අග නෙදර්ලන්තයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය පූරන් නායකත්වය ලැබීමෙන් පසු කණ්ඩායම මෙහෙයවන පළමු තරගාවලිය වන්නේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.