Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොදෙව්වෝ නේපාලය පරදවති

කොදෙව්වෝ නේපාලය පරදවති

editorial - 2023 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන තේරීම් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නේපාලය අතර ඊයේ (22 වැනිදා) හරාරේහිදී පැවැති තරගයෙන් ලකුණු 101 ක පහසු ජයක් වාර්තා කිරීමට කොදෙව්වෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 340 ක ඉලක්කයක් හඹාගිය නේපාල කණ්ඩායමට ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 238 ක් පමණි. එහිදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ශායි හෝප් (132) සහ නිකලස් පූරන් (115) ශතක ලබාගත්හ. 

බ.ඉ. කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් ක් දැවී 339 
(බ්‍රෙන්ඩන් කිං 32, ශායි හෝප් 132, නිකලස් පූරන් 115, රෝමන් පවෙල් 29, ලලිත් රාජ්බන්ෂි 52/3) 

නේපාලය - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 238  
(අසීෆ් ෂෙයිඛ් 28, රෝහිත් පූඩෙල් 30, අරිෆ් ෂෙයිඛ් 63, දිපේන්ද්‍ර සිං 23, ගුල්සාන් ජා 42, කේ.සී. කරන් 28, ජේසන් හෝල්ඩර් 34/3, අල්සාරි ජෝෂප් 45/2, අකීල් හොසේන් 49/2, කීමෝ පෝල් 63/2) 

-036 


අදහස් (0)

කොදෙව්වෝ නේපාලය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.