Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොදෙව්වෝ බංග්ලාදේශයටත් යති

කොදෙව්වෝ බංග්ලාදේශයටත් යති

editorial - 2020 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල ලබන මාසයේදී ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා බංග්ලාදේශයේ සංචාරයක නිරත වීමට එකඟවී ඇත. ටෙස්ට් තරග 2 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත කෙටි සංචාරයකට කොදෙව් පිල එකඟවීමත් සමගින් විස්සයි20 ජාත්‍යන්තර තරගාවලිය මඟ හැරීමට රටවල් දෙකෙහි ක්‍රිකට් ආයතන එකඟ වී තිබේ.

එක්දින තරගාවලිය ආරම්භ කරමින් ජනවාරි 20 සහ 22 දෙදින තුල පළමු තරඟ දෙක ඩකාහිදී පැවැත්වේ. ජනවාරී 25 වැනිදා චතෝග්‍රාම් හිදී තෙවැනි සහ අවසන් එක්දින තරගය පැවැත්වේ. පළමු ටෙස්ට් තරගයද චතෝග්‍රාම් හිදී පෙබරවාරි 3 වනදා සිට ආරම්භවන අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 11 වැනිදා ඩකාහිදී පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් දෙදෙනෙකුගෙන් යුත් පරීක්ෂණ කණ්ඩායම බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් සකස් කරන ලද කොවිඞ්-19 සහ ආරක්ෂක නියමයන් පිළිබඳව සෑහීමකට පත්ව සිටී.

කොදෙව් ක්‍රීඩකයන් බංග්ලාදේශයට පැමිණීමෙන් පසුව නිරෝධායන කාලය දින 14 සිට දින 7 ක් දක්වා අඩු කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය එකඟ වී ඇති බව දැන ගන්නට තිබේ.

- 2079

 


අදහස් (0)

කොදෙව්වෝ බංග්ලාදේශයටත් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.