Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ සෙසු තරග සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇතැයි වාර්තා වේ.
ඉකුත් ඉරිදා සිඩ්නිහිදී පැවැති දෙවැනි තරගයට පෙර දිනයේදී (12 වැනිදා) සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී බිනුර කොඩිව් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර එදිනම සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණකදී එය වැඩිදුරටත් තහවුරු වී ඇත.
ඒ අනුව ඔහු කණ්ඩායමෙන් ඉවත්කොට වෛද්‍ය ප්‍රතිකාර යටතේ නිරෝධාන ක්‍රියාවලියකට යොමුකර ඇත. දින 7 ක කාලයක් නිරෝධානය වීමෙන් අනතුරුව එළබෙන 18 වැනිදා ඔහු පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.
එම පරීක්ෂණයේ ප්‍රතිඵල ඍණාත්මක වුවහොත් 19 වැනිදා යළිත් වරක් ඔහු පරීක්ෂණයකට යොමු කෙරන අතර දෙවැනි පරීක්ෂණයේ ප්‍රතිඵලද ඍණාත්මක වුවහොත් පමණක් ඔහුට 20 වැනිදා මෙල්බර්න්හිදී පැවැත්වෙන අවසන් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවනු ඇත.
දෙරට අතර පැවැති පළමු විස්සයි-20 තරගයේදී දක්ෂ ලෙස පන්දු යැවූ බිනුර, සිය ඕවර 4 ලකුණු 12 කට සීමා කරමින් පිට පිට පන්දු දෙකකදී මාකස් ස්ටොයින්ස් (30) සහ මැතිව් වේඩ් (2) දවාගැනීමටද සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.