Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොල්කටා පිලේ නායකත්වය ශ්‍රෙයාස් අයියර්ට
අයි.පී.එල්.

කොල්කටා පිලේ නායකත්වය ශ්‍රෙයාස් අයියර්ට

editorial - 2022 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස ශ්‍රෙයාස් අයියර් නම් කිරීමට එම කණ්ඩායමේ හිමිකරුවන් පියවර ගෙන තිබේ. ඒ අනුව මාර්තු මස අග භාගයේදී ආරම්භ වීමට නියමිත මෙවර (2022) ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී කොල්කටා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අයියර්ට පැවරෙනු ඇත. 

අයියර්ට පෙර සෞරව් ගංගුලි, බ්‍රෙන්ඩන් මැකලම්, ගෞතම් ගම්භීර්, දිනේෂ් කාර්තික් සහ ඔයින් මෝගන් යන ක්‍රීඩකයෝ කොල්කටා කණ්ඩායමේ නායකත්වය දරා ඇත. ගෞතම් ගම්භීර්ගේ නායකත්ව යටතේ 2012 සහ 2014 වසරවලදී අයි.පී.එල්. ශූරතාව දිනාගත් කොල්කටා කණ්ඩායම, 2021 වසරේදී ඔයින් මෝගන්ගේ නායකත්වය යටතේ අනු ශූරයන් බවට පත් විය. 

ඉකුත් වසරේදී (2021) දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රෙයාස් අයියර් නැවත වරක් සිය කණ්ඩායමටම ඇතුළත් කර ගැනීම සඳහා එම කණ්ඩායමේ හිමිකරුවෝ දැඩි උත්සාහයක නිරත වූහ. කෙසේ වුවත් දිල්ලි කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග කළ තුන් කොන් සටනකින් අනතුරුව ඉදිරි වසර 4 ක කාලය සඳහා ඉන්දීය රුපියල් කෝටි 12.25 ක මුදලකට ශ්‍රෙයාස්ගේ සේවය මිලදී ගැනීමට කොල්කටා කණ්ඩායමේ හිමිකරුවෝ සමත් වූහ.

2015 වසරේදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් සිය මංගල අයි.පී.එල්. තරගයට ක්‍රීඩා කළ ශ්‍රෙයාස්, 2020 වසරේදී සිය කණ්ඩායම අනු ශූරතාව හිමිකරදීම සඳහා නායකත්වය ලබාදුන්නේය. මේ දක්වා අයි.පී.එල්. තරග 87 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී අර්ධ ශතක 16 ක් සමග ලකුණු 2375 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 31.67 ක සාමාන්‍යයක් සහ 123.95 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගනිමිනි. 

“කොල්කටා නයිට්රයිඩර්ස් වගේ කණ්ඩායමක් සමග එක්වීමට ලැබීම ඇත්තටම මට ලොකු ගෞරවයක්. මුලින්ම මාව ඔවුන්ගේ කණ්ඩායමට තෝරාගැනීම සම්බන්ධයෙන් මම කණ්ඩායමේ හිමිකරුවන්ට සහ කලමණාකාරීත්වයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. දැන් ඔවුන් මාව කණ්ඩායමේ නායකයා විදියට නම් කරලා තියෙනවා. සහෝදර ක්‍රීඩකයන් සමග එකතුවෙලා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්න මම උපරිම උත්සාහ කරනවා.” යැයි ශ්‍රෙයාස් පැවසීය. 

-036 


අදහස් (0)

කොල්කටා පිලේ නායකත්වය ශ්‍රෙයාස් අයියර්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.