Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොලැන්ඩර්ස්ට ලකුණු 33 ක ජයක්

කොලැන්ඩර්ස්ට ලකුණු 33 ක ජයක්

editorial - 2021 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සොහෙල් අක්තාර්ගේ (නොදැවී 71) වේගවත් පිතිහරඹයත්, ක්‍රිස් ජෝර්ඩ්න් (08/3) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ අබුඩාබි දහයයි10 තරගාවලියේ ඉරිදා (31 වැනිදා) පැවැති තරගයේදී ඩෙකන් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 33 ක ජයක් හිමිකර ගැනීමට කොලැන්ඩර්ස් පිල සමත්විය. සොහෙල් අක්තාර් පන්දු 31 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 71 ක් රැස්කළ අතර ක්‍රිස් ජෝර්ඩ්න් ලකුණු 08 කට කඩුලු 3 ක් සහ සුල්තාන් අහ්මඩ් ලකුණු 14 කට කඩුලු 2 ක් දවාගනිමින් කොලැන්ඩර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

කොලැන්ඩර්ස් - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 118
(ටොම් බැන්ටන් 36, සොහෙල් අක්තාර් නොදැවී 71, රවී රාම්පෝල් 17/1, සහූර් ඛාන් 21/1, සුනිල් නරේන් 26/1)

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් - ඕවර 10 කදී කඩුලු 8 ක් දැවී 85
(මොහොමඩ් ශසාඩ් 27, කැමරන් ඩෙල්පොට් 19, ක්‍රිස් ජෝර්දාන් 08/3, සුල්තාන් අහ්මඩ් 14/2, ශහීඩ් අෆ්රිඩි 14/1)


අදහස් (0)

කොලැන්ඩර්ස්ට ලකුණු 33 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.