Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් ශුරයන්ගේ කුසලන පාපන්දු (ලීග්) තරගාවලිය ක‍්‍රම ක‍්‍රමයෙන් එහි අවසානය කරා ළගා වෙමින් තිබියදී කොළඹ පාපන්දු ලීගය, සොලිඞ් කී‍්‍රඩා සමාජය සහ මීගමුව යූත් කී‍්‍රඩා සමාජය එහි ශූරතාවට ඉව අල්ලමින් සිටිති.
කණ්ඩායම් 21 ක් සහභාගි වන තරගාවලියේදී කණ්ඩායමක් මුහුණ දිය යුතු තරග සංඛ්‍යාව 20 කි. ඇතැම් කණ්ඩමේ වන විට තරග 16 කට මුහුණ දී තිබුණත් මේ වන විට පෙරමුණේ සිටින කොළඹ පාපන්දු ලීග් පිල ප‍්‍රසාද ලකුණු 32 ක් ලබා ඇත්තේ තරග 13 කදී ගෝල 35 ක්ද ලබාගැනීමෙනි.
සොලිඞ් කී‍්‍රඩා සමාජය සහ මීගමුව යූත් කී‍්‍රඩා සමාජයද ප‍්‍රසාද ලකුණු 32 ක් බැගින් ලබා සිටියද එම කණ්ඩායම් දෙකටම ඉතිරිව ඇත්තේ තරග 6 කි. ලබාගත් ගෝල සංඛ්‍යාවද පිළිවෙලින් 28 ක් සහ 23 කි. එහෙත් කොළඹ පාපන්දු ලීගයට තවත් තරග 7 ක් ඉතිරිව තිබේ.
මේ අතර කලක් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රබලතම පාපන්දු කී‍්‍රඩා සමාජයක්ව සිටි සෝන්ඩර්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු පුවරුවේ 19 වැනි තැනට ඇද වැටී තිබේ. තවත් ප‍්‍රබල පාපන්දු කී‍්‍රඩා සමාජ වූ රිනවුන් (7), බ්ලූ ස්ටාර්ස් (10), දොන් බොස්කෝ (12) සහ නන්දිමිත‍්‍ර (16) ප‍්‍රසාද ලකුණු සටහනේ පහළට තල්ලූ වී සිටින අතර තිහාරිය යූත් පිලට හිමිව ඇත්තේ අවසන් ස්ථානය වන 21 වැනි ස්ථානයයි.
ප‍්‍රසාද ලකුණු පුවරුව
තරග 144 කට පසුව ප්‍රසාද ලකුණු පුවරුව | ||||||||
නම | තරග | ජය | වි. නැ. | පරාජය | ලැබූ ගෝල | දුන් ගෝල | ලකුණු | |
1 | කොළඹ | 13 | 10 | 2 | 1 | 35 | 15 | 32 |
2 | සොලිඩ් | 14 | 10 | 2 | 2 | 28 | 10 | 32 |
3 | නිගම්බු යූත් | 14 | 10 | 2 | 2 | 23 | 9 | 32 |
4 | නාවික හමුදාව | 12 | 10 | 1 | 1 | 21 | 6 | 31 |
5 | සුපර් සන් | 16 | 7 | 5 | 4 | 27 | 20 | 26 |
6 | යුද හමුදාව | 12 | 6 | 2 | 4 | 50 | 14 | 20 |
7 | රිනවුන් | 14 | 5 | 5 | 4 | 30 | 21 | 20 |
8 | ජාවා ලේන් | 14 | 6 | 2 | 6 | 18 | 19 | 20 |
9 | ගුවන් හමුදාව | 11 | 5 | 5 | 1 | 15 | 10 | 20 |
10 | බ්ලූ ස්ටාර්ස් | 13 | 5 | 5 | 3 | 14 | 16 | 20 |
11 | අප්කන්ට්‍රි ලයන්ස් | 12 | 5 | 3 | 4 | 14 | 10 | 18 |
12 | දොන් බොස්කෝ | 16 | 4 | 4 | 8 | 17 | 31 | 16 |
13 | නිව් යංග්ස් | 13 | 5 | 1 | 7 | 12 | 16 | 16 |
14 | ක්‍රිස්ටල් පැලස් | 15 | 4 | 3 | 8 | 26 | 40 | 15 |
15 | පෙලිකන්ස් | 15 | 3 | 6 | 6 | 15 | 32 | 15 |
16 | නන්දිමිත්‍ර | 13 | 4 | 2 | 7 | 18 | 28 | 14 |
17 | පොලිස් | 16 | 2 | 5 | 9 | 17 | 26 | 11 |
18 | මාතර සිටි | 15 | 2 | 5 | 8 | 11 | 25 | 11 |
19 | සෝන්ඩර්ස් | 11 | 2 | 4 | 5 | 7 | 15 | 10 |
20 | ක¿තර පාර්ක් | 13 | 1 | 6 | 6 | 11 | 21 | 9 |
21 | තිහාරිය යූත් | 16 | 2 | 2 | 12 | 11 | 36 | 8 |
තොරතුරු - ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.