Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ දිස්ති‍්‍රක් ශූරයන්ට බැංකොක් යන වරම්

කොළඹ දිස්ති‍්‍රක් ශූරයන්ට බැංකොක් යන වරම්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා ශූරතාවලියේදී දක්ෂතා දක්වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසකට ‘බැංකොක් නගරයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගීවීම සඳහා අවශ්‍ය ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර පිරිනැමීමට යයි.

කොළඹ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා ශූරතාවලිය, විවෘත තරගාවලියක් ලෙස මාර්තු 15 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. ඒ සඳහා අයදුම්පත් බාරගැනීම මාර්තු 1 වැනිදා දක්වා සිදුකෙරේ.

දක්ෂතා දක්වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තවත් පිරිසකට පෝෂණ ශිෂ්‍යත්ව ලබාදීමටත් තීරණය කර තිබෙන බව කොළඹ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමයේ ලේකම් එච්. ඩබ්. නිමල්සිරි මහතා පවසයි.

වයස 10 න් පහළ, 11 න් පහළ, 12 න් පහළ, 13 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ බාලක සහ බාලිකා ඉසව්ද විවෘත කාන්තා සහ පිරිමි ඉසව්ද තරගාවලියට ඇතුළත් වේ.

තරග අයදුම්පත් හා තරගාවලිය පිළිබඳව විමසීම් 071-4487605 යන දුරකථන අංකයෙන් කළ හැකිය. අයදුම්පත් එච්.ඩබ්. නිමල්සිරි මහතා, ලේකම්, කොළඹ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමය, අංක 21, තල්ගස්වත්ත පටුමග, කොළඹ 06 යන ලිපිනයට යොමුකළ යුතුය.

තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්වෙන මෙම තරගාවලියේදී දක්ෂතා දක්වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ගුවන් ප‍්‍රවේශපත‍්‍ර ප‍්‍රදානය කෙරේ.

 


අදහස් (0)

කොළඹ දිස්ති‍්‍රක් ශූරයන්ට බැංකොක් යන වරම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.