Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ දකුණ අපරාජිතව පෙරමුණ ගනී

කොළඹ දකුණ අපරාජිතව පෙරමුණ ගනී

editorial - 2023 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 15 න් පහළ ‘ප්‍රීමා’ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 6 න් නිමාවට පත්වන විට අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්ව සිටියි. 

මෙතෙක් පැවැති තරගවලදී ගාල්ල, කොළඹ උතුර සහ දඹුල්ල යන කණ්ඩායම් පරාජය කළ කොළඹ දකුණ ක්‍රීඩකයෝ මේ වන විට ලකුණු 9 ක් ලබා මේ වන විටත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටිති.
මූලික වටයේ මුල් තරග 4 කොළ ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අතර සෙසු තරග 2 කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මූලික වටය අවසන් වීම සඳහා තවත් තරග 4 ක් ඉතිරිව ඇති අතර එම තරග අද (25 වැනිදා) සහ අනිද්දා (27 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. 

ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබන අතර එම තරගය මෙම මස 29 වැනිදා කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 


අදහස් (0)

කොළඹ දකුණ අපරාජිතව පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.