Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ පාපැදි සවාරියට අයැදුම්පත්

කොළඹ පාපැදි සවාරියට අයැදුම්පත්

editorial - 2022 ඔක් මස 26 128 Views 0 Comment
A A A

කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය ‘වින්ග් විල්’ ක්‍රීඩා සමාජයේ සහයෝගයෙන් සංවිධානය කරන කොළඹ දිස්ත්‍රික් පාපැදි වාර්ෂික ශූරතා තරගමාලාව සඳහා ලබන නොවැම්බර් 3 වැනිදා දක්වා ක්‍රීඩකයන්ගෙන් අයැදුම්පත් බාර ගැනේ. තරගාවලියේ සියලු ඉසව් නොවැම්බර් 6 වැනිදා පෙරවරු 8ට කළුබෝවිල බුද්ධඝෝෂ විදුහල අසළින් ආරම්භ කෙරේ.

කනිෂ්ඨ (පිරිමි - කිලෝ මීටර් 20) වයස 23 න් පහළ (පිරිමි කිලෝ මීටර් 30) සුපිරි (කාන්තා කිලෝ මීටර 20) හා සුපිරි (පිරිමි - කිලෝ මීටර 40) යන ඉසව් හතරකින් තරගමාලාව සමන්විත වේ. කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් සඳහා විවෘත මෙම පාපැදි තරගාවලිය සඳහා සහභාගී වන ආරක්ෂක සේවා හා රාජ්‍ය ආයතනවල සේවයේ නිරතවූවන් වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග අයැදුම්පත් යොමුකළ යුත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජයක් හරහා ලියාපදිංචි වෙමිනි.

කළුබෝවිල, කොහුවල, පාමංකඩ, සරණංකර පාර හරහා එම තරග ඉසව් තරගාවලියට අන්තර්ගතය. තරග අයැදුම්පත් නො. 81, නිකපේ පාර, දෙහිවල. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

0774361096, 0719585836 යන දුරකතන අංක ඔස්සේ කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් එම්. අශෝක් කුමාර් පෙරේරා මහතා ඇමැතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩි තොරතුරු ලබාගත හැකිය.

කළුබෝවිල නිමල් සුපර් ලයිට් ආයතනයේ අධිපති, නාගරික මන්ත්‍රී ආචාර්ය නිමල් බුලත්සිංහල මහතා මෙවරත් තරගාවලියට අනුග්‍රහය දක්වයි.

- 223


අදහස් (0)

කොළඹ පාපැදි සවාරියට අයැදුම්පත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.