Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ මලල ක‍්‍රීඩා සමාජය විසින් කනිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සදහා සංවිධානය කරනු ලබන කොළඹ මලල ක‍්‍රීඩා ශූරතාවලිය මේ මස 23 සහ 24 දෙදින කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වයස 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ සහ 17 න් පහළ යන වයස් කාණ්ඩවල බස්නාහිර පළාතේ පාසල්, ජාතික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තරගාවලිය විවෘත වේ. මීටර 60, මීටර 80, මීටර 100 සහ මීටර 200 කෙටි දුර ධාවන ඉසව් වගේම දුර පැනීම සහ උස පැනීම ඉසව් ද තරගාවලියට ඇතුළත්ය.
17 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ දෙක සදහා මීටර 800 සහ හෙල්ල විසි කිරීම ඉසව්ව ඇතුළත් බව කොළඹ මලල ක‍්‍රීඩා සමාජය පවසයි. එම වයස් කාණ්ඩ දෙකේ දක්ෂතම ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාවට සම්මාන පිරිනැමේ.
මෙම තරගාවලියේදී දස්කම් දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිවු දෙනකු තෝරා ඔවුන් ජාතික මට්ටමට ගෙනඒමේ අරමුණින් ක‍්‍රීඩා පුහුණු ශිෂ්‍යත්ව පිරිනැමීමට පියවර ගන්නා බව කොළඹ මලල ක‍්‍රීඩා සමාජයේ ලේකම්, හිටපු මලල ක‍්‍රීඩක චමින්ද ෆොන්සේකා මහතා පැවසීය.
තරගාවලියට පාසල් 100 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3000 ක් පමණ සහභාගිවෙතැයි කොළඹ මලල ක‍්‍රීඩා සමාජය අපේක්ෂා කරයි.
සෑම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවකටම ඉසව් තුනකට සහභාගිවී දස්කම් දැක්වීමේ අවස්ථාවද මෙම තරගාවලියේදී හිමිවේ. ඉසව්වලදී සිය තරග ප‍්‍රතිඵලය එවලේම දැන ගැනීමේ පහසුකමක් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ලබා දෙන බවද තරග සංවිධාකවරු පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.