Last Update  :  2024-11-22 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ රාජකීය - ශාන්ත සිල්වෙස්තර අර්ධ අවසන් පූර්ව තරගය හෙට

කොළඹ රාජකීය - ශාන්ත සිල්වෙස්තර අර්ධ අවසන් පූර්ව තරගය හෙට

editorial - 2024 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය හෙට (5) මින්නේරිය කාලතුවක්කු හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. පසුගිය වසරේ ශූරයන් වූ කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය අද තරග වදිති.

කොළඹ සහ මහනුවර පාසල් දෙකක් අතර තරගයක් වුවද මෙම තරගය මින්නේරියේදී පැවැත්වෙන්නේ වර්ෂාවෙන් බාධාවක් ඇති නොවනු පිණිසය. මේ වසරේ අන්තර් පාසල් 15 න් පහළ තරගාවලියේ තරග කිහිපයක්ම වියලි කලාපයේදී පැවැත්විණ.

පාසල් කණ්ඩායම් 84ක් සහභාගි වූ මෙම තරගාවලියේ පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්විණ. රත්ගම දේවපතිරාජ විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය  යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්වූහ.

කොළඹ රාජකීය විද්‍යාලය තම කාණ්ඩයේ ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලද අතර, දෙවැනි වටයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි

වටයේදී ගාල්ල මහින්ද විද්‍යාලය පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය පළමු වටයේ තම කාණ්ඩයේ අනු ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය. දෙවැනි වටයේදී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලබාගත් සිල්වෙස්තරයෝ තෙවැනි වටයේදී  රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද මහා විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

කොළඹ රාජකීය විද්‍යාලය 15 න් පහළ කණ්ඩායම දුෂේන් උඩවෙල විසින් මෙහෙයවනු ලබයි.  අතර,  මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය 15 න් පහළ කණ්ඩායම සකුණ ද සිල්වා විසින් මෙහෙයවනු ලබයි.

 

කොළඹ රාජකීය විද්‍යාලය සංචිතය:

දුෂේන් උඩවෙල (නායක), රසුල මදාරසිංහ, මනුත් දසනායක, තුමිඳු සෝමසිරි, නිතේෂ් ජයසිංහ, මුදිත් ගුණසේකර, ජවීත් පෙරේරා, මහිරු කොඩිතුවක්කු, දිසස් නානායක්කාරවසම්, රිනාස් අබ්දුල්ලා, සංඳුල් අබේවර්ධන, හේසත් ලියනගේ, සෙනේෂ් රත්නායක, විනුක කොඩිතුවක්කු, සස්මිත සේනානායක, මින්දුල මදෙව්, තිනුද පෙරේරා, නිතිෂ් මනතුංග,

ඩී.එම්.එස්. දිසානායක (කණ්ඩායම් භාර ආචාර්ය), රශාන් පීරිස් (ප්‍රධාන පුහුණුකරු),

සඳරුවන් ප්‍රනාන්දු (පුහුණුකරු), දේශාන් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), වසන්ත සතරසිංහ (සහාය පුහුණුකරු), නිකිල් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු)

 

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාල සංචිතය:

සකුණ ද සිල්වා (නායක), ආදිත්‍ය රණමුකගේ, රශ්මික සඳකැලුම්, සසිත් ගොඩිගමුව, සනුග ඒකනායක, පුෂ්පකුමාර් ප්‍රජන්ජිත්, ප්‍රබුද්ධ බණ්ඩාර, සසිරු ප්‍රභා, අකේන් තිලකවර්ධන,  විහඟ විදානගම, හබිබුල්ලා හජිරීන්, සලිල හක්මණ, විහඟ පෙරේරා, බණ්ඩාර වික්‍රමසිංහ, කල්හාර මාම්පිටිය, නිතිල් හේරත්, මොහොමඩ් ආකිෆ්, නෙතුල් තෙල්වඩන සහ අමිල මෙන්ඩිස්

එච්.එම්.එච්.ඩබ්ලිව්.ආර්. හේරත් (කණ්ඩායම් භාර ආචාර්ය), හසිත තිලකසිරි (ප්‍රධාන පුහුණුකරු), ඩී.එම්.එස්. දිසානායක (සහාය පුහුණුකරු), එම්.එම්.සී.එස්.ඩී.එම්. දිසානායක (අභ්‍යාසක)


අදහස් (0)

කොළඹ රාජකීය - ශාන්ත සිල්වෙස්තර අර්ධ අවසන් පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.