Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (20 වැනිදා) සමත්විය.
මහර බන්ධනාගාර ක්රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී කැළණිය ගුරුකුල විදුහලට එරෙහිව ලකුණු 113 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය.
තතිර වීරසිංහ (58) සහ කමිල් මිෂාර (55) අර්ධ ශතක ලබාගනිමින් රාජකීය විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වන විටදී ළහිරු මධුසංක කඩුලු 4 ක් සහ මනුල පෙරේරා කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 246
(තතිර වීරසිංහ 58, කමිල් මිෂාර 55, ඉසිවර දිසානායක 49, තෙවිඳු සේනාරත්න 29, ප්රවින් නිමේෂ් 28/2, සසිත අශාන් 39/2)
ගුරුකුළ විදුහල - ඕවර 38.1 කදී සියලුදෙනා දැවී 133
(තෙමිර නයනතරු 31, ලික්ෂාන් සසංග 29, සිතිජ චමෝද් 28, ළහිරු මධුසංක 27/4, මනුල පෙරේරා 15/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.