Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සියලුම පාසල්වලට ප්‍රදානය කිරීම සඳහා රුපියල් මිලියන 380 ක එනම් රුපියල් කෝටි 38 ක ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක සියලුම ක්‍රීඩාවලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ මෙහිදී මිලදී ගැනීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් මෙම ක්‍රීඩා භාණ්ඩ අධ්‍යාපන කළාපවල ක්‍රීඩා අධ්‍යක්‍ෂවරු හරහා පාසල්වලට බෙදාහැරීමට සැළසුම් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ වසර ගණනාවකින් පාසල්වලට ක්‍රීඩා උපකරණ නොදීමෙන් ඇතැම් පාසල් දැඩි අසීරුතාවට පත්ව සිටීම පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගත් බවයි.
“ක්‍රීඩා උපකරණ නෙමැතිව විශේෂයෙන් ග්‍රාමීය පාසල් දරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. මීට වසර දෙකකට පමණ පෙර අපි ක්‍රීඩා උපකරණ ගන්න සැළසුම් කළා. නමුත් බලධාරීන් ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම කළේ නෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.