Last Update  :  2025-03-31 13:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝටි 4ක් කාබාසිනියා කළ මාදම්පේ සේනානායක පිහිනුම් තටාකය

කෝටි 4ක් කාබාසිනියා කළ මාදම්පේ සේනානායක පිහිනුම් තටාකය

editorial - 2025 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලේ කෝටි හතරක වියදමකින් ඉදිකර ඇති පිහිනුම් තටාකයේ වතුර කාන්දු වීමක් නිසා වසර දොළහක පමණ කාලයක් තිස්සේ සිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා තිබීම නිසා එය විනාශ මුඛයට යමින්  ඇත.

වර්තමානය වන විට මෙය ජරාවාසවී මදුරු ආකරයක් බවට පත්වී ඒ අවට පදිංචි ජනතාවගේ සෞඛ්‍යයට ද බලවත් තර්ජනයක් එල්ල වී තිබෙන බව පැවසේ.

මෙම පිහිනුම් තටාකය 2013 වසරේ ජුලි මස 29 වැනිදා විවෘත කරනු ලැබුවේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.

මෙය විවෘත කළ දිනයේ  ප්‍රදර්ශනාත්මක පිහිනුම් තරගයක් පැවැත්වීමට සූදානම් කර තිබුණත් තටාකයේ ජලය අව පැහැගැන්වී තිබූ නිසා තරගකරුවන්ගේ සෞඛ්‍යයට යම් බලපෑමක් ඇතිවේ යැයි කියා එම ප්‍රදර්ශනාත්මක තරඟය නොපවත්වන ලෙස නියම කෙරිණි.

පිහිනුම් තටාකය විවෘත කර මාස තුනක කාලයකට පසු එය වසා දැමීමට සිදුවූයේ එහි ජලය කාන්දු වීමක් පටන් ගැනීම නිසාය. ඊට පසු පිළිසකර කිරීම් වලට ලක් කර ආරම්භ කරනු ලැබුවත් අවස්ථා රැසකදී එය වසා දැමීමට සිදුවූයේ නැවත නැවතත් ජලය කාන්දු වීම නිසාය.

අවසානයේ එහි පිළිසකර කිරීම් කටයුතු සිදු කිරීම අතහැර දැමීම නිසා මේ වනවිට වනවිට ජරාවාස වී ඇත.වරින් වර පත් වූ ක්‍රීඩා අමාත්‍යවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කර පිහිනුම් තටාකය පිළිසකර කර දෙන ලෙස ඉල්ලීම් කළත් එය බීරි අලින්ට විනා ගැයීමක් බඳු වූ බව සේනානායක ජාතික පාසලේ ජේෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඩබ්ලිව්.ජයවර්ධන මහතාා පැවසීය.වත්මන් රජයේ බලධාරීන් මැදිහත්වී මෙය නැවත පිළිසකර කරන දෙන ලෙස පාසල් සිසු සිසුවියන් ආදි සිසු සිසුවියන් සහ ප්‍රදේශවාසීන් ඉල්ලීමක් කරති.


අදහස් (0)

කෝටි 4ක් කාබාසිනියා කළ මාදම්පේ සේනානායක පිහිනුම් තටාකය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.