Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ පිලට එරෙහිව පන්දු 46 කින් ලකුණු 52 ක් ලබාගත් පාකිස්තානු නායක බාබර් අසාම් විස්සයි-20 අන්තර්ජාතික තරග අඩුම සංඛ්‍යාවකදී ලකුණු 2000 ක් ලබාගත් පිතිකරුවා වශයෙන් වාර්තා පොතට එක්විය. සිම්බාබ්බේ පිලට එරෙහිව හරාරේහිදී අද (25 වැනිදා) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් වි-20 තරගයේදී ඔහු වාර්තා අතරට එක්විය.
ඉනිම 52 කදී ලකුණු 2000 කඩයිම පසුකළ බාබර් අසාම් විසින් බිඳ දමන ලද්දේ ඉන්දීය නායක විරාට් කෝලි ෂතුව තිබූ ඉනිම 56 වාර්තාවයි. ඕස්ටේ්‍රලියාවේ ඒරන් ෆින්ච් (62), නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් (66) සහ මාටින් ගප්ටිල් (68) මෙම ලයිස්තුවේ ඉදිරියෙන් සිටිති.
කෙසේ වෙතත් විස්සයි-20 ලකුණු 3159 ක් ලබා සිටින විරාට් කෝලි හොඳම පිතිකරු ලයිස්තුවේ ඉහලින්ම සිටී. තවමත් ලකුණු 2035 ක් ලබා සිටින බාබර්ට හිමිවී ඇත්තේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.