Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝෆ් බෝල් වැඩමුළුවක් 17 - 18 ගම්පහදී

කෝෆ් බෝල් වැඩමුළුවක් 17 - 18 ගම්පහදී

editorial - 2022 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගම්පහ තිලකරත්න දිසානායක)

ජාත්‍යන්තර කෝෆ් බෝල් පුහුණු වැඩමුළුවක් මෙම මස 17 සහ 18 යන දෙදින ගම්පහදී පැවැත්වීමට ශ්‍රී ලංකා කෝෆ් බෝල් සංගමය පියවර ගෙන ඇත.

මෙම පුහුණු වැඩමුළුව පෝලන්ත ජාතික කෝෆ් බෝල් කණ්ඩායම් නායිකා සහ පුහුණුකාරිනිය වන තමාරා සෙමුණික් මෙනෙවියගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා කෝෆ් බෝල් සංගමයේ ප්‍රධාන ලේකම් පී.මදුරප්පෙරුම මහතා පැවසීය.

වැඩමුළුව මේ මස 17 සහ 18 යන දිනයන්හි පෙරවරු 8 සිට සවස 5 දක්වා ගම්පහ මැක්රෝ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී සහ ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේදී  පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.  

 


අදහස් (0)

කෝෆ් බෝල් වැඩමුළුවක් 17 - 18 ගම්පහදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.