Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මැරතන් ඇවිදීමේ තරග මාලාව සඳහා සිය සංගමයෙන් විනිසුරුවන් හා තීරකවරුන් ඉල්ලූම් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය ක‍්‍රීඩා අමාත්‍යංශයට විරෝධය පළකර තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයද සිය විරෝධය පළකරමින් වෙනම ලිපියක් ක‍්‍රීඩා ඇමැතිවරයාට යොමුකර තිබේ.
42 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මැරතන් හා ඇවිදීමේ තරග මාලාව ලබන මස 9 වැනිදා කුලියාපිටියේ දී පැවැත්වේ. ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශය විනිසුරුවන් හා තීරකවරුන් පිටස්තර පාර්ශ්වයකින් ලබාගැනීමට කටයුතු කර ඇතැයි මලල ක‍්‍රීඩා සංගමය චෝදනා කරයි.
ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මැරතන් සහ ඇවිදීමේ තරග මාලාව සඳහා මලල ක‍්‍රීඩා සංගමයෙන් මෙතෙක් විනිසුරුවන් හා තීරකවරුන් ලබාගැනීමේ ක‍්‍රමවේදය ඉවත දැමීමට කටයුතු කිරීමෙන් සිය සංගමය හෑල්ලූවට ලක්ව තිබෙන බව මේ සම්බන්ධයෙන් මලල ක‍්‍රීඩා සංගමයේ ලේකම් සුනිමල් රූපසිංහ මහතා ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට යොමුකළ ලිපියක දක්වා තිබේ.
මෙම තරග මාලාව සඳහා විනිසුරුවන් හා තීරකවරුන් 100 කට ආසන්න පිරිසක් නම් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. දිස්ත‍්‍රික්කයක් පදනම් කර ගනිමින් දැනට දිවයිනේ ක‍්‍රියාත්මක වන එකම මලල ක‍්‍රීඩා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය වන කොළඹ දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ සම්බන්ධයෙන් විරෝධතා ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ මලල ක‍්‍රීඩා සංගමයේ මැදිහත්වීමෙන් තොරව කුලියාපිටියේදී පැවැත්වෙන ඇවිදීමේ - මැරතන් තරග මාලාව සඳහා විනිසුරු මඩුල්ල පත්කිරීමට ගෙන තිබෙන තීරණය පිළිබඳව සොයාබලන ලෙසයි.
එමගින් මලල ක‍්‍රීඩා තාක්ෂණ නිලධාරීන් පිරිසකට අසාධාරණයක් සිදුවී ඇතැයිද එම සංගමය පෙන්වා දේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.