Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගංගුලිගේ තත්ත්වය යහපත් අතට

ගංගුලිගේ තත්ත්වය යහපත් අතට

editorial - 2021 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දියාවේ හිටපු ටෙස්ට් නායකයා මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපති සව්රව් ගංගුලි මහතා හෙට (බදාදා) රෝහලෙන් පිටව යාමට නියමිතය. ඔහු දැනට ප්‍රතිකාර ලබමින් සිටින කොල්කටාහි වුඩ්ලන්ඩ්ස් රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය රූපාලි බාසු මහතා වැඩිදුරටත් කියා සිටියේ ගංගුලි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනපතාම නිවසේදී නිරීක්ෂණය කරන බවයි.

 සව්රව් ගංගුලි මහතා පසුගිය සෙනසුරාදා ‘මෘදු’ හෘදයාබාධයකට ලක්වූ අතර වහාම රෝහලට ගෙන යන ලදී. ඒ වන විට ඔහුගේ හෘදය වස්තුවේ කිරීටක ධමනි තුනක් අවහිර වී තිබූ අතර අවහිරතා ඉවත් කිරීම සඳහා සැත්කමක් කරන ලදී.

මේ වන විට 48 හැවිරිදි වියේ පසුවන ගංගුලි මහතාට ඇතිවූ හෘදයාබාධයෙන් පසුව ප්‍රතිකාර කිරීම සඳහා නව දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පිහිටුවන ලදි. මෙම වෛද්‍ය මණ්ඩලය ඊයේ (සඳුදා) රැස්වූ අතර එම රැස්වීමට ගංගුලි මහතාගේ පවුලේ සාමාජිකයින්ද පැමිණ සිටියහ. ප්‍රතිකාර ක්‍රියාවලිය හා වැඩිදුර චිකිත්සක සැලැස්ම පිළිබඳව ඔවුන්ට පැහැදිලි කරන ලදී.

- 213


අදහස් (0)

ගංගුලිගේ තත්ත්වය යහපත් අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.