Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතාට කොවිඞ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට 49 වැනි වියේ පසුවන ගංගුලි මහතා ද්විත්ව එන්නත් කරණයට භාජනය වී ඇති අතර වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුව රෝහල්ගත කර ඇතැයිද වාර්තා වේ.
”ඔහුව ඊයේ රාත‍්‍රියේ වුඩ්ලෑන්ඞ්ස් රෝහලට ඇතුළත් කළා. මේ වන විට ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.” යැයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සාමාජිකයකු එරට මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කර ඇත.
ගංගුලි මහතා මෙම වසර තුළදී රෝහල්ගත කළ තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ජනවාරි මාසයේදී පපුවේ අබාධයක් හේතුවෙන්ද ඔහු රොහල්ගත කර ඇත. එහිදී වෛද්‍යවරුන් කියා සිටියේ කොල්කටාහි පිහිටි සිය නිවසේදී ගංගුලිට හෘදයාබාධයක් හටගෙන ඇති බවය.
ඉන් සති කිහිපයකට පසුවද පපුවේ වේදනාවක් ඇතිවීම හේතුවෙන් යළිත් වරක් ගංගුලි මහතා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔහු හෘද සැත්කමකටද භාජනය කර ඇත.
මෙම වසර මුලදී ගංගුලි මහතාගේ වැඩිමහල් සොහොයුරු ස්නේහසිෂ් ගංගුලි මහතාට කොවිඞ්-19 වයිරසය ආසාදනය විය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.