Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ග්ලැඩියේටර්ස් පිලට‍ දඩ

ග්ලැඩියේටර්ස් පිලට‍ දඩ

ශානුක අරවින්ද - 2020 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දඹුල්ල වයිකිංග් කණ්ඩායමට එරෙහිව බදාදා (9 වැනිදා) පැවැති තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිය තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් ගෙවිමට නියම වී තිබේ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේදී ගාල්ල කණ්ඩායම නියමිත කාලය තුළ ඕවර 20 යැවීමට අසමත් වීම සැලකිල්ලට ගනිමින් තරග තීරක වෙන්ඩල් ලැබ්රෝයි මහතා විසින් මෙම දඩ මුදල නියම කරනු ලැබීය. එල්.පී.එල්. නීති පද්ධතියේ 2.23 වැනි වගන්තියට අනුව, මන්දගාමී පන්දු යැවීමේ වේගයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තරග ගාස්තුවලින් 20% ක දඩ මුදලක් නියම කරනු ලැබේ.

පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ රුචිර පල්ලියගුරු, රවීන්ද්‍ර කොට්ටච්චි, තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ ලින්ඩන් හැනිබල් සහ සිව්වැනි විනිසුරු ලෙස කටයුතු කළ හේමන්ත බොතේජු යන මහත්වරු ගාල්ල කණ්ඩාමට මෙම චෝදනාව එල්ල කළහ. ගාල්ල කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ එම වරද පිළිගැනීම හේතුවෙන් අදාල සිදුවීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්විණ.

 


අදහස් (0)

ග්ලැඩියේටර්ස් පිලට‍ දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.