Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 7 වැනි තරගය ලෙස යාපනය කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල ක්‍රීඩකයෝ ඕවර 26.1 ක් අවසානයේ කඩුල්ලක් දැවී ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකරුවන් වූ සොහාන් ද ලිවේරා හතරේ පහර 13 ක් සමග පන්දු 71 කින් නොදැවී ලකුණු 74 ක්ද, යෂෝධ ලංකා පන්දු 54 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 62 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායමට ඕවර 42 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 165 ක් පමණි. යාපනය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොහොමඩ් ශමාෂ් පන්දු 72 කදී හයේ පහර 2 ක් හතරේ පහර 3 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය. දිනුක දිල්ෂාන් ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
යාපනය පිල - ඕවර 42 කදී සියලු දෙනා දැවී 165
(සඳුන් වීරක්කොඩි 28, නිපුන් කරුණානායක 34, මොහොමඩ් ශමාෂ් 50, කල්හාර සේනාරත්න 22, දිනුක දිල්ෂාන් 19/3, සනෝජ් දර්ෂික 17/2, මුදිත ලක්ෂාන් 26/2, අකිල ධනංජය 41/2)
ගාල්ල පිල - ඕවර 26.1 කදී කඩුල්ලක් දැවී 168
(යෂෝධ ලංකා 62, සොහාන් ද ලිවේරා නොදැවී 74, ජනිෂ්ක පෙරේරා නොදැවී 15)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.