Last Update  :  2025-04-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගැටුමකට ගිය තිදෙනෙක් ඉවතට

ගැටුමකට ගිය තිදෙනෙක් ඉවතට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධානය කරන 20 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි අදියර තුළදී ඇතිවූ ගැටුම්කාරී වාතාවරණයක් හේතුවෙන් ක්‍රීඩකයන් තිදෙනෙක් තරගයෙන් ඉවත් කිරීමට එහි තරග තීරකවරුන් පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් එහි තරග තීරකවරයකුගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිමේෂ් ද සිල්වා, සුපර් බේරු ක්‍රීඩා සමාජයේ සුරේෂ් දුලංක සහ එම ක්‍රීඩා සමාජයේම රනිල් අසේල යන ක්‍රීඩකයන් තිදෙනාම තරගයෙන් ඉවත් කළ බවයි.

තරගයෙන් අනතුරුව ඇතිවූ බහින් බස්වීමක් සහ ගැටුමක් හේතුවෙන් එම ක්‍රීඩකයන් තිදෙනා තරගයෙන් ඉවත් කිරීමට සිදුවූ බව පැවසූ තරග තීරකවරයා, ඔවුන් තිදෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ විනය කමිටුවට දැනුම්දුන් බවද වැඩිදුරටත් කියා සිටියේය.

සුපර් බේරු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකු වන ශාලිත මධුනයන තරගයේ දෙවැනි අදියර නිමා කිරීමට යෑමේදී සිය වේගය පාලනය කරගැනීමට නොහැකිව දරුණු අනතුරකට මුහුණුපෑ බවද, එම අනතුර හේතුවෙන් වහාම ඔහුව රෝගල්ගත කිරීමට සිදුවූ බවද තරග විනිසුරුවෝ සඳහන් කළහ.

ශාලිත අනතුරට ලක්වීමත් සමග ඔහුගේ කණ්ඩායමේ සගයකු වූ සුරේෂ් දුලංක තම මිතුරාට උපකාර කිරීමේ අරමුණින් නිති විරෝධී ලෙස තරග නිමාව ආසන්නයේ සිය පාපැදිය නැවැත්වූ නමුත් ඒ සමගම සුරේෂ් පසුපසින් එක පොකුරේ පැමිණි ක්‍රීඩකයන් 10 දෙනෙක් පමණ එකිනෙකා ගැටී බිම ඇද වැටුණ බවද එහිදී විනිසුරුවෝ වැඩිදුරටත් පැවසූහ.

එලෙස ඇද වැටීමෙන් අනතුරුව සුරේෂ් සහ වරාය අධිකාරියේ නිමේෂ් ද සිල්වා අතර යම් බහින් බස්වීමක් හටගෙන තිබේ. අනතුරුව එය ගැටුමක් දක්වා දුර දිග ගොස් ඇතැයිද වාර්තාවේ.

සුපර් බේරු ක්‍රීඩා සමාජයේ තවත් ක්‍රීඩකයකු වන රනිල් අසේලද එම ගැටුමට මැදිහත් වී ඇති බව වාර්තා වන අතර පසුව තරග විනිසුරුවන් සහ තරග තීරකවරුන් මැදිහත් වී ගැටුම සමතයකට පත්කර ඇතැයිද වැඩි දුරටත් දැනගැනීමට ලැබේ.

 


අදහස් (0)

ගැටුමකට ගිය තිදෙනෙක් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.