Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර (2022) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 40 ක් නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 14 ක් ලබා සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 8 කට සහභාගි වී ඇති ගුජරාට් කණ්ඩායම ඉන් තරග 7 ක් ජයගෙන ඇති අතර පරාජය වී ඇත්තේ එකම තරගයක් පමණි.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ඊයේ (27 වැනිදා) මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමග ගුජරාට් කණ්ඩායමට යළිත් වරක් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අවස්ථාව උදාවිය.
කුමාර් සංගක්කාර පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, තරග 8 කට සහභාගි වී ඉන් තරග 6 ක් ජයගෙන, තරග 2 ක් පරාජය වී ලකුණු 12 ක් ලබා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
සන්රයිසස් හයිද්‍රාබාද්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් තරග 5 බැගින් ජයගෙන ලකුණු 10 බැගින් ලබා සිටිති. කෙසේ වුව ශුද්ධ ලකුණු වේගය අනුව හයිද්‍රාබාද් කණ්ඩායම තෙවැනි ස්ථානයේත්, ලක්නව් කණ්ඩායම සිවුවැනි ස්ථානයේත්, බැංගලෝර් කණ්ඩායම පස්වැනි ස්ථානයේත් පසුවෙති.
මේ දක්වා සහභාගි වූ තරග 8 ම පරාජයට පත් වුවද, මහේල ජයවර්ධන නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තවමත් නිල වශයෙන් තරගාවලියෙන් ඉවත්වී නොමැත. තරග 8 කින් 2 ක් පමණක් ජයගෙන සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටද තවමත් අවසන් වටයට පිවිසීමට අවස්ථාව තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.