Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ගුරුකුල විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර බුලත්සිංහල ඒරන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.
එහිදී ගුරුකුල විදුහලේ ලික්ෂාන් සසංග (56), සිතිජ චමෝද් (නොදැවී 57) සහ කෙමිර නයනතරු (517 අර්ධ ශතක ලබාගත් අතර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ශෂික බස්නායක ලකුණු 95 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 53.2 කදී කඩුලු 9 ක් දැවී 209
(ලික්ෂාන් සසංග 56, ප්‍රවීණ් නිමේෂ් 49, රෂ්මික මෙවන් 48, ශෂික බස්නායක 95/8)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 51.3 කදී සියලු දෙනා දැවී 126
(චන්දුල ජයකොඩි 29, කසුන් එදිරිතිලක 21, මලීෂ සිල්වා 22, රිෂිත සංකල්ප 19/4, තුෂාර මධුෂාන් 17/3)
ගුරුකුල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38 කදී කඩුලු 4 ක් දැවී 153
(සිතිජ චමෝද් නොදැවී 57, කෙමිර නයනතරු 51, චරිත් රාජගුරු 28/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 7 ක් දැවී 86
(චන්දුල ජයකොඩි 30, කසුන් එදිරිතිලක 24, තුෂාර මධුෂාන් 18/3, රෂ්මික මෙවන් 18/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.