Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුගේ මැණික් පාපැදි සවාරියට අයැදුම්පත් කැඳවයි

ගුරුගේ මැණික් පාපැදි සවාරියට අයැදුම්පත් කැඳවයි

editorial - 2022 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 (නාමල් පතිරගේ)

අප්‍රේල් 30 වැනිදා පැවැත්වෙන කිලෝමීටර 150 ක් දුරැති ‘ගුරුගේ මැණික්’ (විවෘත) පාපැදි සවාරියේ ජයග්‍රාහකයා සඳහා රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදලක් ප්‍රදනය කෙරේ. කහවත්ත ගුරුගේ මැණික් ආයතනයේ අනුග්‍රහයෙන් 11 වැනි වතාවටත් සංවිධානය කෙරෙන මෙම විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගයේ 10 වැනි ස්ථානය දක්වා තවත් සුපිරි මුදල් ත්‍යාග රැසක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

දෙවැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා රුපියල් 250,000 ක්,  රුපියල් 200,000ක්, රුපියල් 150,000 ක්, රුපියල් 75,000ක් සහ රුපියල් 10,000 ක් දක්වා වන මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ. මේ අතර ජයග්‍රාහකයා පැමිණ පැය භාගයක් ඇතුළතදී තරගය නිමාකරන සියළු තරගකරුවන්ට විශේෂ මුදල් ත්‍යාගයක් බැගින් ලබා දීමටද කටයුතු යොදා තිබේ.

 කහවත්ත ගුරුගේ මැණික් ආයතනය ඉදිරිපිටින් ඇරඹෙන තරගය ඇඹිලිපිටිය, මාදම්ප හන්දිය, කහවත්ත, පැල්මඩුල්ල, රත්නපුරය, මොරගහයට, කුරුවිට, ඇහැළියගොඩ හරහා ගොස් නැවත කහවත්තට පැමිණීමෙන් නිමාවට පත්වේ.
 ධාවන මාර්ගයේ ස්ථාන කීපයකදීම වේගවත්ම (ස්ප්‍රින්ට්) ධාවකයන් තෝරා ගනිමින් ඔවුන් සඳහා විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීමටත් අනුග්‍රාහකයන් සූද‌ානමින් සිටියි. 

අයදුම්පත් අප්‍රේල් 28 වැනිදා දක්වා බාර ගැනේ. දුරබැහැර තරගකරුවන් සඳහා තරගයට පෙරදින (29) රාත්‍රියේ නවාතැන් පහසුකම් සලසා ඇතැයි ද තරග සංවිධායකයෝ ප්‍රකාශ කරති.

ප්‍රවීනයන්ගේ පාපැදි සංගමය ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණයෙන් මෙම පාපැදි තරගය සංවිධානය කරයි.

තරග අයදුම්පත් ඇන්තනී සීමන්ස් මහතා, ප්‍රධාන සංවිධායක, ප්‍රවීනයන්ගේ පාපැදි සංගමය, අංක 11, කොලීන්ස් ක්‍රසන්ට්’ රත්නපුරය යන ලිපිනයට  යැවිය හැකිය. නැතහොත් දුරකතන අංක 045 - 2230464 ඔස්සේ ද ඒ පිළිබඳව විමසීම් කළ හැකිය.


අදහස් (1)

ගුරුගේ මැණික් පාපැදි සවාරියට අයැදුම්පත් කැඳවයි
  • iks chandrasiri Friday, 08 April 2022 12:39 PM

    හොඳ වැඩක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.