Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුවරියක් වෙනුවට පුහුණුකාරිනියක්

ගුරුවරියක් වෙනුවට පුහුණුකාරිනියක්

editorial - 2022 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ බාලිකාවන් භාර නිලධාරිණිය ලෙස නම් කර ඇති මහත්මිය කිසිදු පාසලක ගුරුවරියක ලෙස සේවය නොකරන බව ‘ලංකාදීප’යට වාර්තා වේ.

සාමාන්‍යයෙන් පාසල් ළමුන් සහභාගී වන තරග සංචාරයක් සඳහා බාලිකාවන් භාර නිලධාරිණිය ලෙස පත්කරනු ලබන්නේ පාසල් ගුරුවරියක වුවත්, මෙම සංචාරයේදී එම තනතුර සඳහා පත්කර ඇත්තේ මේසපන්දු පුහුණුකාරිණියක බව දැනගන්නට ලැබේ.

ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩිකාවකගේ පෞද්ගලික පුහුණුකාරිණිය ලෙස කටයුතු කරන බවටද, මෙම සංචාරය සඳහා බාලිකාවන් භාර නිලධාරිණිය ලෙස ඇයව පත් කිරීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උප සභාපතිනියක් බවටද වාර්තා වේ.


- 036


අදහස් (0)

ගුරුවරියක් වෙනුවට පුහුණුකාරිනියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.