Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නයිජීරියා ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන පුහුණුකරු සහ ඉහළ කාර්ය සාධන කළමනාකරු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් ඔහුගේ කාර්යභාරය ඵලදායි ලෙස ඉටු කිරීමට නොහැකි වන බැවින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය නයිජීරියානු ක්‍රිකට් සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට වෙත ගුරුසිංහ මහතා විසින් යවා ඇත. ඔහුගේ උරහිසේ ඇතිව තිබෙන ආබාධයක් සඳහා ශල්‍යකර්මයක් සිදුකිරීමට ඇති බවත් වාර්තා වේ.
පසුගිය වසරේ දෙසැම්බර් 1 වන දින සිට නයිජීරියා ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන පුහුණුකරු සහ ඉහළ කාර්ය සාධන කළමනාකරු ලෙස සේවයට එක්වූ ගුරුසිංහ මහතා සේවයේ යෙදී සිටි කෙටි කාලය තුළ ඔහු නයිජීරියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළේය. විශේෂයෙන් ක්‍රීඩකයින්ගේ විනය ඉහළ මට්ටමකට ගෙන ඒම සහ නයිජීරියානු පුහුණුකරුවන් සඳහා සකස් කරන ලද පුහුණු සංවර්ධන ක්‍රීයාවලියක් මේ අතර විශේෂ වේ.
නයිජීරියා ක්‍රිකට් සම්මේලනය සමගින් අත්සන් කරන ලද ගිවිසුමේ නියමයන්ට අනුව 2022 ජුනි 30 දින සිට ගුරුසිංහ මහතාගේ ඉල්ලා අස්වීම බලාත්මක වේ.
නයිජීරියා ක්‍රිකට් සම්මේලනයේ මහලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපියකින් ඉල්ලා අස්වීම දැනටමත් තහවුරු කර ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.