Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදා ඒ - පොලිසිය පිරිමි සම ශූරතාව දිනති

ගුවන් හමුදා ඒ - පොලිසිය පිරිමි සම ශූරතාව දිනති

editorial - 2025 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බදුල්ල ධර්මදූත විද්‍යාලීය ආදි ශිෂ්‍ය හොකී සංගමය විසින් සංවිධානය කරන ලද සත් සාමාජික හොකී තරගාවලියේ සමශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා “ඒ”  හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් සමත් වූහ. විවෘත පිරිමි තරගාවලියක් වූ මෙම හොකී තරඟාවලිය  බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි.

 කාන්තා අංශයේ අවසන් තරඟය සදහා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සුදුසුකම් ලැබූහ. අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම ජයග්‍රහණය කළේය. 

ත්‍රිවිධ හමුදා ඇතුලු  ක්‍රීඩා සාමාජ නියෝජනය කරමින් හොකී කණ්ඩායම් 26 ක්  මෙම තරගාවලිය සදහා සහභාගි වූහ. 

බදුල්ල ධර්මදූත විද්‍යාලීය ආදි ශිෂ්‍ය හොකී සංගමයේ සංවිධාන ශක්තියෙන්  සිව්වන වතාවටත් පවත්වනු ලැබූ  මෙම හොකි තරගාවලියේ ප්‍රධාන සංවිධායක ලෙස ඩි.ඩබ්ලිව් නලීන්ද මහතා කටයුතු කළේය.  කුසලාන ප්‍රදානය සදහා තරඟාවලිය සදහා අනුග්‍රාහකත්වය දක්වන ලද අනුග්‍රාහක මහතුන් ඇතුලු ධර්මදූත ආදිශිෂ්‍ය හොකී සංගමයේ සාමාජික මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

පිරිමි සමශූරතා දිනාගත් ගුවන් හමුදා “ඒ” සහ පොලිස් කණ්ඩායම් 

 

කාන්තා ශූරතාව දිනූ යුද හමුදා කණ්ඩායම


අදහස් (0)

ගුවන් හමුදා ඒ - පොලිසිය පිරිමි සම ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.