Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදා තරගයෙන් රෝවන් පෙරී ඉවතට

ගුවන් හමුදා තරගයෙන් රෝවන් පෙරී ඉවතට

ශනුක අරවින්ද - 2016 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන අන්තර් සමාජ රග්බි තරගාවලියේදී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව අද (27 වැනිදා) පැවැත්වෙන තරගයට  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක රෝවන් පෙරී යොදා ගැනීමට ගත් තීරණය අවසන් මොහොතේ අකුලා ගැනීමට සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජයට සිදුවී තිබේ. ශී‍්‍ර ලංකාවේ උපන් කී‍්‍රඩකයකු වන රෝවන් පෙරී සී. ආර්. කී‍්‍රඩා සමාජය වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට සූදානමින් සිටියේය.

ඕස්ටේ‍්‍රලියානු අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ හිටපු ෆ්ලෑන්කර් කී‍්‍රඩකයකු වන  පෙරී ගුවන් හමුදා පිල සමග පැවැත්වෙන තරගයට කී‍්‍රඩා කිරීමේ අදහසින් පසුගිය බදාදා ශී‍්‍ර ලංකාවට පැමිණියේය. එහෙත් මෙවර ලීග් රග්බි තරගාවලියේ ජයග‍්‍රාහී මාවතේ හිතේ හැටියට ගමන් කරමින් සිටින ගුවන් හමුදා කණ්ඩායම ශී‍්‍ර ලංකා රග්බි ආයතනයට ඉදිරිපත් කළ  විරෝධතාවක් සළකා බැලීමෙන් පසුව මෙම තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව පෙරීට නොදීමට ශී‍්‍ර ලංකා රග්බි ආයතනය පියවර ගෙන තිබේ.

සී.ආර්. කණ්ඩායම නියෝජනය කරමින් ලීග් රග්බි තරගාවලියට කී‍්‍රඩා කිරීමේ කිසිදු ගැටළුවක් පෙරීට නොවූවත් ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයකු ලෙස ලියාපදිංචි විය යුතු නියමිත ක‍්‍රමවේදයෙන් බැහැරව ඔහුගේ සහභාගීත්වය සිදුවන බැවින් එය නීතිවිරෝධි කි‍්‍රයාවක් බව ගුවන් හමුදා රග්බි කමිටුව ගොනු කළ විරෝධතාවේ සඳහන් වෙයි.

කෙසේවුවත් රෝවන් පෙරී නියමිත ක‍්‍රමවේදයට අනුව ශී‍්‍ර ලංකාවේ ලියාපදිංචි කී‍්‍රඩකයකු  බව දැනටමත් ශී‍්‍ර ලංකා රග්බි ආයතනය තහවුරු කොට තිබේ. එසේවුවත්  මෙරට රග්බි තරග බිමට එක්වීමට නම් ඔහුට ඕස්ටේ‍්‍රලියානු රග්බි සංගමයෙන් කී‍්‍රඩකයන් නිදහස් කිරීමේ වාර්තාවක් ලබා දිය යුතුව තිබෙන බැවින් ගුවන් හමුදා රග්බි කමිටුවේ විරෝධතාවට හිස නැමීමට රග්බි ආයතනයට සිදුවී තිබේ.

ඕස්ටේ‍්‍රලියානු රග්බි සංගමයෙන් ලබා දිය යුතුව ඇති එම වාර්තාව ප‍්‍රමාද වන්නේ එරට සති අන්තයේ නිවාඩුව යෙදී ඇති බැවිනි. එම වාර්තාව අනිද්දා සඳුදා (28) ලබා දෙන බව  ඕස්ටේ‍්‍රලියානු රග්බි සංගමය ශී‍්‍ර ලංකා රග්බි  ආයතනයට දන්වා ඇතැයි වාර්තා වෙයි.

අවශ්‍ය නම් ඔහු තරගයට යොදාගත හැකිබවට  ඕස්ටේ‍්‍රලියානු රග්බි සංගමය මෙරට රග්බි ආයතනයට දැනුම් දී තිබුණත් මේ කී‍්‍රඩකයාට එරෙහිව යම්කිසි තරග තහනමක්, රතු කාඞ්පතක දඩුවමක් හෝ වෙනයම් චෝදනාවක් තිබේදැයි යන්න නිරවුල් කරගන්නා තුරු ඔහුට ඩයලොග් කුසලාන ලීග් රග්බි තරග බිමේ දොරටු විවර නොකිරීමට රග්බි ආයතනය තීරණය කර ඇත්තේ කාගෙත් වැඩි හොඳටය.

රෝවන් පෙරී මෙම තරගයට කී‍්‍රඩා කිරීමට එරෙහිව ගුවන් හමුදා රග්බි කමිටුව පමණක් නොව ගුවන් හමුදා නීති දෙපාර්තුමේන්තුව ද වෙන වෙනම විරෝධතා 2 ක්ම  ගොනු කොට ඇතැයි වාර්තා වෙයි.

රෝවන් පෙරීට ශී‍්‍ර ලංකාවේ සම්භවයක් හිමිවී ඇත්තේ ඔහුගේ  ඕස්ටේ‍්‍රලියානු ජාතික මාපියන් ශී‍්‍ර ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඔහුගේ උපත සිදුවූ බැවිනි. එය රෝවන් පෙරීට ශී‍්‍ර ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට හොඳටෝම ප‍්‍රමාණවත් වෙයි.

කෙසේ වෙතත් ඔහුට ඩයලොග් කුසලාන රග්බි තරගාවලියට එක්වීමේ අඩිතාලම වැටුණේ පසුගිය අගෝස්තු මාසයේ කොළඹ තුරග තරග පිටියේ පැවැති ශී‍්‍ර ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේදී වෝකර් සී.එම්.එල්. වයිපර් කණ්ඩායම නියෝජනය කරමින් සිටින අතරතුරදීය.

 


අදහස් (0)

ගුවන් හමුදා තරගයෙන් රෝවන් පෙරී ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.