Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදා වොලිබෝල් ශූරතාව වන්නියට

ගුවන් හමුදා වොලිබෝල් ශූරතාව වන්නියට

ශනුක අරවින්ද - 2015 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැති ගුවන් හමුදා අන්තර් ඒකක වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට වන්නි ගුවන් හමුදා සටන් පුහුණු පාසල සමත් විය. කොළඹ ගුවන් හමුදා කඳවුර එහි කාන්තා ශූරතාව දිනාගත්තේය.

පලාලි ගුවන් හමුදා කඳවුර තරගාවලියේ පිරිමි අනුශූරතාව හිමිකරගත් අතර රත්මලාන ගුවන් හමුදා මුලික කඳවුර එහි කාන්තා අනුශූරතාවට හිමිකම් කීවේය.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස වන්නි ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ඒ. ඒ. වී. හේරත් සම්මාන දිනාගත් අතර දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කොළඹ ගුවන් හමුදා කඳවුරේ එච්. පී. සී. දුල්මිණී සම්මාන දිනා ගත්තාය.

වන්නි ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ එස්. එම්. සමරකෝන් දක්ෂතම පන්දු ඔසවන්නා ලෙසත්, පලාලි ගුවන් හමුදා කඳවුරේ ඒ. කුමාරසිංහ දක්ෂතම ප‍්‍රහාරකයා ලෙසත් සම්මාන දිනා ගනිද්දී, කොළඹ ගුවන් හමුදා කඳවුරේ පී. එම්. වීරක්කොඩි දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙසත්, ආර්. එම්. රත්නායක දක්ෂතම ප‍්‍රහාරිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී විය. ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න මහතා ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට කුසලාන සහ සහතිකපත් ප‍්‍රදානය කළේය.

 

-036

 


අදහස් (0)

ගුවන් හමුදා වොලිබෝල් ශූරතාව වන්නියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.