Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් හමුදාපති අභියෝග කුසලාන විවෘත ගොල්ෆ් තරගාවලිය මේ මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා ත්‍රිකුණාමලයේ, ගුවන් හමුදාවට අයත්, චීන වරාය ‘ඊගල්ස්’ ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 8 වැනි වරටත් සංවිධානය කරන කරන මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් තරගකරුවන් 100 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.
තරගාවලියේ විවෘත කාණ්ඩයේ ශූරයාට සහ ශූරියට ගුවන් හමුදාපති අභියෝග කුසලාන පිරිනැමෙන අතර දක්ෂතම ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ඊගල්ස් අභියෝග කුසලාන පිරිනැමේ.
ඩයලොග් සමාගමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 24 වැනිදා පස්වරුවේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.