Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාව වැඩි ගෞරව දිනයි
ජාතික කබඩි ශූරතාවලිය

ගුවන් හමුදාව වැඩි ගෞරව දිනයි

editorial - 2025 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කබඩි සංගමයේ සංවිධායකත්වයෙන් පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික කබඩි ශූරතාවලියේ කාන්තා ශූරතාව සහ පිරිමි අනු ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ සිතුමි මනෝජනී සම්මාන දිනාගත්තාය.

කාන්තා අවසන් මහ තරගයේදී තියුණු සටනකින් අනතුරුව ලකුණු 34-28 ක් ලෙස නාවික හමුදාව පරාජය කරමින් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ශූරතාවට හිමිකම් කීහ. පිරිමි අවසන් මහ තරගයේදී යුද හමුදාව හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ගුවන් හමුදා ක්‍රීඩකයන්ට අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති ඉන්ද්‍රතිස්ස දේදුනුපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති අතර එම අවස්ථාවට ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකා කබඩි සංගමයේ නිලධාරීන් රැසක් සහභාගි වූහ. 

-036


අදහස් (0)

ගුවන් හමුදාව වැඩි ගෞරව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.